දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ, මධුරායි දුම්රිය ස්ථානයේ දුම්රියක මැදිරි කීපයක් ගිනි ගැනීම නිසා එම ගින්නෙන් මගීන් 10ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 ක් බව පැවැසෙයි.
දුම්රියේ මුදල් ගෙවා වෙන් කළ මැදිරියක් වූ අතර එහි ගමන් කරමින් සිට ඇත්තේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් සිට පැමිණි පිරිසකි.
මොවුන් රහසේ ගෑස් සිලින්ඩරයක් ද දුම්රිය මැදිරියේ රැගෙනවිත් ඇති අතර ගින්නට හේතුව ඒම ගෑස් සිලින්ඩරය බව විශ්වාස කරයි.