අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා මුදල් ගෙවීම ලබන සඳුදා සිට ආරම්භ වන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. පත් වූ නව සභාපති ජයන්ත විජේරත්න මහතා පසුගියදා වැඩ භාර ගැනීමත් සමඟ අරමුදලේ ගෙවීම් සඳහා පැවැති බාධකයන් ඉවත් වූ බවත් ඒ අනුව සඳුදා සිට මෙම ගෙවීම් ආරම්භ විමට නියමිතය.
ආර්ථික අර්බුදය හේතුවෙන් බරපතල ආර්ථික දුෂ්කරතාවලට පත් වූ ජනතාව වෙනුවෙන් ලබා දෙන මෙම අස්වැසුම ප්‍රතිලාභය සඳහා මේ වනවිට කොටසක් තෝරාගෙන ඇති අතර ඔවුන්ට අදාළ ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රියාවලිය ඉටු කරන සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී විජේරත්න ඉල්ලා අස්වීමත් සමඟ එම මුදල් ගිණුම්ගත කිරීමේ ක්‍රියාවලිය අඩාළ විය.
කෙසේ වුවද මේ වනවිට නව සභාපතිවරයා වැඩ බාරගෙන ඇති බැවින් එම මුදල් ගිණුම් ගත කිරීම අස්වැසුම ඉල්ලා ප්‍රතික්ෂේප වූවන්ගේ පැමිණිලි සහ අභියාචනා සලකා බැලීමේ කටයුතු යළි ආරම්භ වී ඇති බව සඳහන් වේ.