ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අනුගමනය කරන අසල්වැසියන් මූලික කරගත් ප්‍රතිපත්තිය වඩාත්ම හොදින් පෙන්නුම් කරන සාධකය බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
පසුගිය කාලයේදී ශ්‍රී ලංකාව මුහුණු දුන් දරුණුතම ආර්ථික අර්බුදයට සහය වීමට ඉන්දියාව ඉදිරිපත් විය. එහිදී ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට සිය බලශක්ති අවශ්‍යතා සපුරා ගැනිමට අවශ්‍ය මුල්‍ය සහය ලබාදීම සුවිශේෂී කාරණයකි.
එමෙන්ම ජාත්‍යන්තර වේදිකාවලදී ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමටද පූර්ණ සහය ලබාදීමත් ඉතා සුවිශේෂී මැදිහත්වීමක් කිරීමටද ඉන්දියාව සමත්විය.
මෙවැනි සහයෝගී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ඉන්දීය අග්‍රමාත්‍යවරයා කටයුතු කිරීම එරට දේශපාලන සංස්කෘතියට සුවිශේෂී ආදර්ශයක් ලබාදීමට සමත්ව ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
2014 වර්ෂයේදී පාලනය බලයට පත්වූ නරේන්ද්‍ර මෝදී ඉකුත් වසර 9ක කාලය තුලදී ඇමරිකානු ඩොලර් ට්‍රිලියනක පැවති ආර්ථිකය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන තුනයි දශම හතයි පහක අගයක් දක්වා වර්ධනය කිරීමට සමත්ව ඇත. මෙම මෝදි පාලනය තුලදී ඉන්දියාව ලබා ගත් සුවිශේෂී ප්‍රගමනය පෙන්වීමට වාඩාත් යෝග්‍යම නිදසුන ලෙස නම් කළ හැකිය.
මෙහිදී ඉන්දියාව සිය ආර්ථික වර්ධනයට සාපෙක්ෂව සිය අසල්වැසියන්ට සහය වීමට ඉදිරිපත්ව ඇත. එහිදී ඉන්දීයව විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමරිකානු ඩොලර් බිලියනක ණය පහසුකම තව වසර කාලයක් දක්වා භාවිතා කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඔෘෂද, ආහාර සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට අවකාශ්‍ය ලබාදීම සුවිශේෂී සිදුවීමකි.
මේ අතර මෑතකදී කළ සමීක්ෂණයකින් හෙලි වූයේ ලොව බලය සිටින නායකයින් අතරින් වැඩිම ජනප්‍රසාදයක් හිමි නායකයා වන්නේ නරේන්ද්‍ර මෝදි අග්‍රාමත්‍යවරයා බවයි.







