බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියානු නාවිකයින් 15ක් ඇතුළු නාවිකයින් 20ක්  අනතුරට පත් කර ස්කයිලයිට් තෙල් නැවට ප්‍රහාර එල්ල  කළේ ඇමරිකානු ප්‍රහාරකයින් ද?

by editor
මාර්තු 1, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මැදපෙරදිග කලාපයේ පවතින දැඩි නොසන්සුන්කාරී වාතාවරණය තවදුරටත් උග්‍ර කරමින්, ඕමාන් වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ තෙල් නැවකට අද (මාර්තු 01) ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පලාවු (Palau) රාජ්‍යයේ ධජය යටතේ යාත්‍රා කළ ‘ස්කයිලයිට්’ (Skylight) නැමති මෙම තෙල් ප්‍රවාහන නෞකාව ප්‍රහාරයට ලක්වන විට ඕමානයේ මුසැන්ඩම් පාලන ප්‍රදේශයට අයත් කසාබ් (Khasab) වරායට නාවික සැතපුම් 5ක් උතුරින් පිහිටි මුහුදු තීරයේ රැඳී සිටියදී  බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරය එල්ල කළේ කවුද?

රොයිටර් පුවත් සේවයට අනුව,   ප්‍රහාරයට ලක්වූ ‘ස්කයිලයිට්’ නෞකාව කාලයක සිටම ඇමරිකානු මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ (U.S. Treasury Department) විශේෂිත සම්බාධිත ලැයිස්තුවට (SDN List) ඇතුළත් කර තිබූ එකකි. ඇමරිකානු බුද්ධි අංශ පෙන්වා දී තිබුණේ මෙම නෞකාව ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් රහසිගතව ඉරාන තෙල් අපනයනය කිරීමේ ජාලයකට සෘජුවම සම්බන්ධ වී ඇති බවයි.

විශේෂයෙන්ම මුහුද මැදදී නෞකාවෙන් නෞකාවට තෙල් හුවමාරු කිරීමේ (Ship-to-Ship Transfers) උපක්‍රම භාවිතා කරමින් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) මූල්‍ය ශක්තිය ඉහළ නැංවීමට මෙම නෞකාව සහාය වී ඇති බවට චෝදනා එල්ල වී තිබුණි. මෙම සම්බාධක හේතුවෙන් නෞකාවට ඇමරිකානු වරායන් වෙත ඇතුළුවීම සහ ඇමරිකානු මූල්‍ය පද්ධතිය භාවිතා කිරීම තහනම් කර තිබිණි.

මෙවැනි පසුබිමක් සහිත  ‘ස්කයිලයිට්’ නෞකාවට ඉරාන ප්‍රතිප්‍රහාර මාලාව මධ්‍යයේම මෙලෙස ප්‍රහාර එල්ල වීම ජාත්‍යන්තර යුද විශ්ලේෂකයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත. එක් අතකින්, ඉරානය විසින් සිය උත්තරීතර නායකයාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස කලාපයේ නාවික ගමනාගමනය අඩාල කිරීමට ගත් උත්සාහයකදී, ඉලක්ක හඳුනාගැනීමේ දෝෂයක් (Identification Error) මත තමන්ගේම පාර්ශවයට හිතවාදී නෞකාවකට අත්වැරදීමකින් ප්‍රහාර එල්ල වන්නට ඇති බවට මතයක් පවතී. ඕමාන් බොක්ක වැනි යුදමය වශයෙන් අතිශය උණුසුම් කලාපයක මෙවැනි “මිත්‍ර පාර්ශවීය ප්‍රහාර”  සිදුවීම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

කෙසේ වෙතත්, තවත් පාර්ශවයක විශ්ලේෂණය වන්නේ මෙය ඉරානයේ ක්‍රියාවක් නොව, ඉරානයට පක්ෂපාතී සැපයුම් මාර්ග සහ තෙල් ප්‍රවාහන ජාලයන් අඩපණ කිරීම සඳහා ඇමරිකානු හෝ ඊශ්‍රායල බලකායන් විසින් දියත් කළ රහසිගත මෙහෙයුමක ප්‍රතිඵලයක් විය හැකි බවය. ඉරානය විසින් සෙසු ගල්ෆ් රටවලට ප්‍රහාර එල්ල කරන අවස්ථාවක් ප්‍රයෝජනයට ගනිමින්, ඉරාන හිතවාදී නෞකාවන් විනාශ කර එහි චෝදනාව ඉරානය වෙතම එල්ල කිරීමේ   යුදෝපායක් මෙහි තිබිය හැකි බවට ද සැක මතු වේ. මෙම පරස්පර විරෝධී තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග නාවික ක්ෂේත්‍රය තුළ පවතින්නේ අතිශය ව්‍යාකූල සහ අනාරක්ෂිත වාතාවරණයකි.

නාවිකයන්ගේ තත්ත්වය

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී නෞකාව තුළ ඉන්දියානු ජාතිකයින් 15 දෙනෙකු සහ ඉරාන ජාතිකයින් 5 දෙනෙකු ඇතුළු 20 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් රැඳී සිට ඇත. ඉන්දියානු නාවිකයන් 15 දෙනා අතුරින් සිව්දෙනෙකුට ප්‍රහාරයෙන් තුවාල සිදුවී ඇති ඇත.    තුවාල ලැබූ නාවිකයන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඕමානයේ කසාබ් (Khasab) ප්‍රදේශයේ රෝහලක් වෙත ගුවන් මගින් රැගෙන ගොස් ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල වුවද ස්ථාවර මට්ටමක සිටින  බව වෛද්‍ය වාර්තා උපුටා දක්වමින් විදේශ මාධ්‍ය සඳහන් කරයි.

මෙම තත්ත්වය හමුවේ පර්සියානු ගල්ෆ් සහ ඕමාන් බොක්ක ආශ්‍රිත නාවික ගමනාගමනය දැඩි අවදානමකට ලක්ව ඇත. ආරක්ෂක තත්ත්වය සීඝ්‍රයෙන් පිරිහීම හේතුවෙන් ‘ස්කල්ඩ්’ (Skuld) වැනි ප්‍රමුඛ පෙළේ සාගර රක්ෂණ ආයතන දැනටමත් ඕමාන් බොක්ක ආශ්‍රිතව යාත්‍රා කරන නෞකාවල යුධ අවදානම් ආවරණ (War Risk Coverage) අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. මෙය ඉදිරියේදී ලෝක තෙල් මිල කෙරෙහි ද සෘජුව බලපෑම් එල්ල කළ හැකි තත්ත්වයකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයතුල්ලා කමේනිගෙන් පසු ඉරානයේ අනාගතය තීරණය කළ හැකි අලිරේසා අරාෆි කවුද?

Next Post

ශම්මි ගෝ හෝම්…. මිනිස්සු ක්‍රිකට් මූලස්ථානය වට කරති!

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.