සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයතුල්ලා කමේනිගෙන් පසු ඉරානයේ අනාගතය තීරණය කළ හැකි අලිරේසා අරාෆි කවුද?

by editor
මාර්තු 1, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කපිල කේ. හීනටියන –

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය තහවුරු වීමත් සමඟ එරට නායකත්ව ව්‍යුහයේ සිදුවූ සැලකිය යුතු වෙනසක් පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරමින් ඇත.

විශ්වාසකටයුතු මූලාශ්‍ර කිහිපයකට අනුව   එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලින් කමේනි ඝාතනය කළ පසු  ඉරානය සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වැනි වගන්තිය ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව, ‘විශේෂඥ මණ්ඩලය’ (Assembly of Experts) විසින් ස්ථිර අනුප්‍රාප්තිකයෙකු තෝරා ගන්නා තෙක් උත්තරීතර නායකයාගේ රාජකාරි ඉටු කිරීම සඳහා තාවකාලික නායකත්ව කවුන්සිලයක් පිහිටුවා තිබේ.

එම කමිටුවේ එක් සාමාජියෙක් ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian)ය. අනෙක් පුද්ගලයා ඉරාන අගවිනිසුරු ගොලම්හොසේන් මොහ්සෙනි එජෙයි (Gholamhossein Mohseni Ejei) ය.  ලෝකයේම අවධානය දිනා ගත් තුන්වැන්නා  ඉරාන ෂියා පූජකවරයෙකු වන අලිරේසා අරාෆි (Alireza Arafi) ය.  අද (01)    අයතුල්ලා අලිරේසා අරාෆි පත්වන්නේ  මෙම කවුන්සිලයේ නීති විශාරද සාමාජිකයා ලෙස ය.

කවුද මේ අලිරේසා අරාෆි?

1959 වසරේ යාස්ද් (Yazd) පළාතේ මේබොඩ් (Meybod) හි උපත ලැබූ අයතුල්ලා අලිරේසා අරාෆි, පූජක පවුලකින් පැවත එන ඉරාන ෂියා මුස්ලිම් පූජකවරයෙකි. ඔහු ප්‍රකට විද්වතුන් යටතේ කොම් (Qom) නුවරදී අධ්‍යාපනය ලබා ඇති අතර, ස්වාධීන ඉස්ලාමීය නීතිමය තීන්දු ලබා දීමේ හැකියාව ඇති ‘මුජ්තාහිඩ්’ (mujtahid) යන තත්ත්වය ද ලබා ගත්තෙකි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

අරාෆි ඉරානයේ ආගමික හා දේශපාලන ආයතන තුළ බලගතු තනතුරු කිහිපයක්ම හොබවා ඇත. 2019 වසරේ සිට ‘අරක්ෂක කවුන්සිලයේ’ (Guardian Council) සාමාජිකයෙකු ලෙසත්, 2022 වසරේ සිට ‘විශේෂඥ මණ්ඩලයේ’ (Assembly of Experts) සාමාජිකයෙකු ලෙසත් ඔහු කටයුතු කරයි. මීට පෙර, 2008 සිට 2018 දක්වා කාලය තුළ ඉරානය පුරා ව්‍යාප්ත ඉස්ලාමීය සෙමනේරි පද්ධතියේ (Islamic Seminary system) අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ ඔහු, ‘බසිජ්’ (Basij) නම් අර්ධ හමුදා බලකායේ ද ප්‍රධානත්වය දරයි.

මූලධර්මවාදී අදහස් දරන්නෙකු ලෙස ප්‍රකට අරාෆි, අරාබි සහ ඉංග්‍රීසි භාෂා පිළිබඳ මනා නිපුණතාවයකින් යුක්තය. එසේම ඉස්ලාමීය මතවාද ප්‍රචලිත කිරීම සඳහා කෘතිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණයන් භාවිතා කිරීම සම්බන්ධයෙන් ද ඔහු පෙනී සිට ඇත. ඔහුගේ මෙම නව පත්වීම මගින් ඉරාන පාලන තන්ත්‍රයේ අභ්‍යන්තර කවය සමඟ ඔහුට ඇති දැඩි සබඳතාවය මැනවින් ප්‍රකාශ වී තිබේ.   අයතුල්ලා අලිරේසා අරාෆි  ඉරානයේ අධ්‍යාත්මික නායකත්වය හෙබවීමට  තරම්  ප්‍රබල අපේක්ෂකයෙකු බව ද මේ හරහා ලෝකයට ප්‍රකාශ කර ඇත.

දශක තුනකට වැඩි කාලයක් ඉරානය පාලනය කළ කමේනිගෙන් පසු ස්ථිර නායකයෙකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය එරට දේශපාලන ස්ථාවරත්වයට විශාල පරීක්ෂණයක් වනු ඇත. අන්තර්කාලීන මණ්ඩලයේ සිටින අලිරේසා අරාෆි වැනි මූලධර්මවාදීන් සහ මධ්‍යස්ථ මතධාරී දේශපාලන කණ්ඩායම් අතර අභ්‍යන්තර බල අරගලයක් ඇති වීමේ හැකියාව පවතින අතර, එය රටේ ආර්ථිකයට සහ සිවිල් පරිපාලනයට බලපෑම් එල්ල කළ හැකි බවට මේ වනවිට මත පල වේ.

එසේම, නායකත්වයේ සිදුවන මෙම හදිසි වෙනස හමුවේ ඉරාන තාරුණ්‍යය සහ ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම් කෙබඳු ප්‍රතිචාරයක් දක්වනු ඇත්ද යන්න ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අවධානයට ලක්ව ඇත. අයතුල්ලා අලිරේසා අරාෆි ඉරානයේ ඊලඟ උත්තරීතර නායකයා ද යන්න නුදුරේදීම තීරණය වනු ඇත. බොහෝ විට එය දින 40ක ශෝක කාලය නිමා වූ පසු සිදුවනු ඇතැයි අපේක්ෂිතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහ මෝල්ලු මහ කන්නේ අස්වැන්න සූරාකති.. මහවැලි බී කලාපයේ ගොවීන් කියන කතාව…

Next Post

ඉන්දියානු නාවිකයින් 15ක් ඇතුළු නාවිකයින් 20ක්  අනතුරට පත් කර ස්කයිලයිට් තෙල් නැවට ප්‍රහාර එල්ල  කළේ ඇමරිකානු ප්‍රහාරකයින් ද?

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.