අද ලාහෝර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුන බංගලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර ආසියානු කුසලාන තරගාවලියේ 4වන තරගයේ දී ඇෆ්ගනිස්ථානය පරදා ලකුණු 89ක විශිෂ්ඨ ජයක් අත් කරැගනීමට බංගලාදේශ කණ්ඩායම සමත් වූයේය .
කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම් පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 334ක් ලබා ගත්තේ ඇෆ්ගන් පන්දු යවන්නන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමිනි.
බංගලාදේශය වෙනුවෙන් මේධි හසන් මිරාස් ලකුණු 112ක් ද නජ්මුල් හොස්සයින් ෂන්ටො ලකුණු 104ක් ද ලැබුවේය. බංගලාදේශය ඉහළටම ඔසවා තැබුවේ මේ ශතක ලාභීන්ගේ විශිෂ්ට පිතිකරණය ය. බංගලාදේශ ඉනිමේ දැවී ගිය කඩුළ 05න් 03ක්ම දුවද්දී දැවී යෑම්ය.
මුජීඩ් උර් රහ්මාන් සහ ගුල්බඩීන් නයිබ් කඩුල්ල බැගින් ලැබුවේය.
ලකුණු 335ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 245කට දැවී ගියේය. ඒ පන්දු ඕවර 44.3ක දී ය. ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ඊබ්රහිමී සද්රාන් ලකුණු 75ක්,හස්මතුල්ලාහ් ෂහීඩි ලකුණු 51ක් සහ රහ්මට් ෂා ලකුණු 33ක් ලැබුවේය.
පන්දු යැවීමේ දී බංගලාදේශය වෙනුවෙන් විශිෂ්ටම පන්දු යැවීම ටස්කින් අහ්මඩ් ගෙනි. ඔහු ලකුණු 44ට කඩුළු 04ක් බිඳ හෙළුවේය. ෂොරිෆුල් ඉස්ලාම් ලකුණු 36කට කඩුළු 03ක් දවා ගත්තේය. හසන් මහමුද් සහ මේහ්ඩි හසන් මිරාස් කඩුල්ල බැගින් ලැබූහ. තරගයේ වීරයා වූයේ මේහිදි හසන් මිරාස්ය.