දිනසේන රතුගමගේ
-
ඇයගේ පර්යේණෂ නිබන්ධනයට එක්සත් රාජධානියේ සහ නෝර්වේ සරසවි වලින් රන් පදක්කම් තුනක් ලැබිලා…
යාපනය විශ්ව විද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරියකට නෝර්වේ අක්තාර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකවරියක් වීමේ වාසනාව උදා වී තිබේ.
රවිනා සුකුමාර් නැමති මෙම සහකාර කථිකාචාර්යවරිය සිය උපාධිය සඳහාත් පශ්චාත් උපාධිය සඳහාත් ලියන ලද පර්යේෂණ නිබන්ධන දෙක සදහා රන් පදක්කම් තුනක් එක්සත් රාජධානියේ හා නෝර්වේ විශ්ව විද්‍යාල දෙකකින් ලැබී ඇති අතර එම සිද්ධියෙන් පසුව නෝර්වේ රජය ඇයට අක්තාර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකවරියක් ලෙස කටයුතු කරණ ලෙසට ආරාධනා කොට තිබේ.
එම තනතුර බාර ගත් ඇය පසුගියදා නෝර්වේ බලා පිටත්ව ගියාය.