දිනසේන රතුගමගේ
රුපියල් මිලියන 24 ක වියදමකින් කිළිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාව විසින් ආදාහනාගාරයක් ඉදි කිරීමට පියවර ගෙන ඇති බවත් මෙම මුදලෙන් රුපියල් කෝටියක මුදලක් කිළිනොච්චියේ ව්‍යාපාරිකයෙකු විසින් ලබා දීමට ඉදිරිපත් වී සිටින බවත් කරච්චි ප්‍රාදේශීය සභාවේ සභාපති අරුණාචලම් වේලමලිකිතාන් පැවසීය.
මේ සදහා තවත් රුපියල් කෝටියක මුදලක් පළාතේ සෙසු ස්වේච්ඡා සංවිධාන හා සංගම් වීසින් ලබා දීමට එකඟත්වය පලකොට ඇති බව කී ප්‍රාදේශීය සභා සභාපතිවරයා කිළිනොච්චියේ වැසියන්ගේ මළ සිරුරු ආදාහනය කිරීමට යාපනයේ පිහිටි ආදාහනාගාරය වෙත රැගෙන යාමේදී ජනතාවට දැඩි දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුවන නිසා කිළිනොච්චියේ ඉතා ඉක්මනින්ම ආදාහනාගාරයක් ඉදිකිරීමට තීරණය කළ බවද පැවසිය.