-
පෙරහරේ යනකොට කතරගම නිලමේ ගේ පුතාගෙ ගැන කීවෙ නැති නිසා බැන්නලු…
සියම් මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන්ගේ ලේකම් ලෙස කටයුතු කරන සුනෙල් රඹුක්පොතට මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිළමේ ගැමුණු වලිසුන්දර දුරකතනයෙන් බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් පිළිබඳව රඹුක්පොත මහතා මහනාහිමියන් සහ දියවඩන නිළමේවරයා දැනුම්වත්කර තිබේ.
මහනුවර ඇසළ පෙරහර වීදී සංචාරය කරන අවස්ථාවේ කතරගම දේවාල පෙරහරේ ගමන් ගත් බස්නායක නිළමේවරයාගේ පුතාගේ නම පෙරහර විස්තර විචාරයේදී ප්‍රකාශ නොකිරීම පිළිබඳ උරණ වී ඔහු තමන්ට මෙලෙස බැණ වැදුණු බව අප කළ විමසීමකදී සුනෙල් රඹුක්පොත
බස්නායක නිළමේවරයා එසේ චෝදනා කළත් ඔහුගේ පුතා විස්තර විචාරය කෙරුණු ස්ථානයෙන් පෙරහරේ ගමන් කරන අවස්ථාවේ තමන් විස්තර විචාර කෙරෙන ස්ථානයේ නොසිටි බවද රඹුක්පොත පැවසීය. බස්නායක නිළමේවරයෙකු ලෙස ගෞරවණීය ධූරයක කටයුතු කරද්දී ගැමුණු වලිසුන්දර මේ ආකාර පහත් හැසීරීමක් පෙන්වීම සම්බන්ධව කනගාටු වන බවද හෙතෙම ප්‍රකාශ කළේය.