සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇලහැරින් රට ඇවිලෙන ලකුණු… උපවාසයට සහය පලකරමින් දිවයිනේ සතර වටින් ගොවි ජනයා රොද බඳිති!

by editor
නොවැම්බර් 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න – 

රසායනික පොහොර ලබා දෙන ලෙසට රජයට  බලකරමින් ඇලහැර හා මොරගහකන්ද ගොවිජන  ව්‍යාපාරයේ ගොවි සංවිධාන හතළිස් එකක් ඒකාබද්ධව බකමූණ නගරයට  ආසන්නව  ආරම්භ කර තිබෙන අඛණ්ඩව උපවාසයට සහාය පළ කිරීමට දිවයිනේ ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් මෙන්ම මහා සංඝ සංඝරත්නයත් අද (01)  එක් වූහ.  අනතුරුව මේ පිරිස්    බකමූණ නගර මධ්‍යයේ දැවැන්ත උද්ඝෝෂණයක නිරතවූහ.

වාරි සුමිතුරෝ , ගොවි හඬ ජාතික ව්‍යාපාරය, පරාක්‍රම සමුද්‍ර ගොවිජන ව්‍යාපාරය  එක්ව සංවිධානය කරන ලද මෙම දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරය සඳහා මාවිල්ආරු, එප්පාවල, දේව්හුව,  ගිරිතලේ,  මින්නේරිය,  කවුඩුල්ල, රාජාංගනය, වෑවල, දඹුල්ල,  කැකිරාව, කණන්ඩලම, මාදුරුඔය,  මාතලේ හා දඹුල්ල යන ප්‍රදේශවලින් ගොවි සංවිධාන වල නියෝජිතයින් මෙන්ම ගොවීන් 3000කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.

මෙම අඛණ්ඩ ගොවි  උපවාසයටත්, දැවැන්ත උද්ඝෝෂණටත් සහාය පල කිරීම සහ ආශිර්වාද කිරීම සඳහා දිඹුලාගල   බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්, ගල්තඹරාව විහාරාධිපති පූජ්‍ය කන්තලේ  රාහුල, සෙවනපිටිය  දක්ෂිණගිරි විහාරාධිපති පොලොන්නරුවේ නාරද හිමියන් ඇතුළු ප්‍රදේශයේ විහාරස්ථානවල විහාරාධිපති ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ද වැඩම කර සිටියහ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙහිදී ගොවිජන නියෝජිතයින් කිහිපදෙනෙකුම පැමිණ සිටි විරෝධතාකරුවන්  අමතමින්  පවසා සිටියේ රජයේ  රසායනික පොහොර සහනාධාරය සීයට 50 ක්  හෝ ලබා දෙනතුරු මෙම අඛණ්ඩ උපවාසය  ක්‍රියාත්මක කරන බවයි.

තමන් මෙන්ම ගොවීන් කාබනික පොහොරවල වටිනාකමත්, ඒවායින් වගාකරන බෝග වර්ග පරිභෝජනය කිරීමේ දී ශරීරයට හිතකර බවත්  කෘෂි විශේෂඥවරුන්ට වඩා හොඳින් දන්නා බව කී ඔවුහු රජයේ  කාබනික පොහොර වැඩපිළිවෙළ ගොවියා තුළට රැගෙන එන  ක්‍රමය වැරදි  බවත් ගොවි නියෝජිතවරු  මෙහිදී    පෙන්වා දුන්හ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන තවත් කන්න කීපයකින් මෙම කාබනික පොහොර ක්‍රමය ගොවීන්ට හඳුන්වා දී මෙවර මහ කන්නයේ පමණක් හෝ රසායනික පොහොර 50% වත් ලබාදීමට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කෘෂිකර්ම ඇමති ඇමතිවරයාත් කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද මෙහි දී ගොවි නියෝජිතවරු සඳහන් කළහ.

මෙහිදී ගොවි උද්ඝෝෂකයින් ඇමතූ දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී   දිඹුලාගල රාහුලාලංකාර හිමියෝ මෙසේ කීහ.

“මේ රටේ සඟ පරපුර මෙන්ම,   අනෙකුත්  ව්‍යාපාර  සහ ජනතාව රැකෙන්නේ ගොවියා වී  ගොවිතැන් සිදු කළොත් පමණ යි.  ඔවුන් ගොවිතැන අත්හැරියොත් හෙට දවසේ  රටවැසියන්ට සාගතේ මැරෙන්න වේවි.   මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන රජය වහාම ගොවියාට සවන් දී ඔවුන්ගේ ඉල්ලීම් කරන ලෙස අපි රජයට බලකර ඉල්ලා සිටිනවා.“ නා හිමියෝ කීහ.

තව දින කිහිපයකින් රජය  ගොවියාගේ සාධාරණ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදී, ගොවියා තව තවදුරටත් තලාපෙළා දමන්නේ නම්  දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව මෙන්ම  පොලොන්නරුවේ  සියලු භික්ෂූන් වහන්සේලා ඒකරාශී වී සමස්ත ගොවි ජනතාව වෙනුවෙන් දැවැන්ත  අරගලයක් බකමූණ  නගර මධ්‍යයේ ආරම්භ කරන බවද  රාහුලාලංකාර  නාහිමියෝ කීහ .

අඛණ්ඩ උපවාසයේ නිරත ගොවි නියෝජිතයින් සඳහන් කළේ තමන් උපවාසය නිරත අට්ටාලයට   පොලොන්නරුවේ එක්තරා  දේශපාලන පක්ෂයකයක  මැරයින් පිරිසක් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවත්, ඊට මුහුණ දීම සඳහා ඇලහැර හා මොරගහකන්ද ගොවිජන  ව්‍යාපාරයේ සියලු ගොවීන්  සූදානම් බවත් ය.

මෙම විරෝධතා  ව්‍යාපාරය  පැය තුනක පමණ කාලයක් පැවැති අතර එම මාර්ගයේ ගමන් කරන රථවාහනවලට බකමූණ පොලිස් නිලධාරින් විසින්  විකල්ප  මාර්ග  භාවිතා කිරීමට කටයුතු සලසා තිබුණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ඌරු මස්   ඩී.අයි.ජී.” දෙමටගොඩ රුවන් සමග ක්ලබ්වල ලගා ගහලා!…

Next Post

තවමත්  අනතුර පහව නැහැ… කොවිඩ් ජාතික රෝහලේ විකිරණ අංශය අඩපණ කරයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.