-
මළ ගෙවල්වල යනවා… රාජ්‍ය නායකයො දිවුරුම්දෙන තැන්වලටත් යනවා… කිසිම රාජ්‍ය නායකයෙක් නැති සමුළුවලට යනවා… එයා ජනාධිපති ධූරය විඳිනවා…
වසර 46ක් තිස්සේ දුටු ජනාධිපති සිහිනය පිනා චාන්ස් එකකින් සැබෑ කරගත් පසු එම අවුරුදු 46 තුළම රැස්කරගෙන ඇති ඇරියස් මාස හත අටක් තුළ කවර් කරගැනීමේ උත්සාහයක ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිරතවන ආකාරය දකින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කියයි.
“ඔහු මේ අවස්ථාවේ ඉන්නේ ජනාධිපති ධූරය විඳිමින්..” මන්ත්‍රීවරයා පවසයි.
අද (19) අනුර කුමාර දිසානායක කීවේ වර්ෂ 1977 දී පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහට පිටුපසින් සිටි චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ වැනි බොහෝ දෙනෙක් ඔහුට පෙර ජනාධිපති පුටුවේ වාඩිවූ බවය.
දිර්ඝ කාලයක් ගතවුවද ජනාධිපති පුටුවේ වාඩිවීමට නොහැකිව සිටි රනිල් වික්‍රමසිංහට එම අවස්ථාව ලැබුනේ අහම්බයෙන් බව කී මන්ත්‍රීවරයා මේ මාස හත අට තුළ අවුරුදු හතලිස් හයක් තිස්සේ තමා දුටු සිහිනයේ ඇරියස් කවර් කරගැනීමට රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන ආකාරය පෙන්වා දෙන්නේය.
“අනික් ජනාධිපතිවරුන්ට අවුරුදු 05ක් තිබුණා. සමහර අයට 10ක් තිබුණා. මෙයාට තියෙන්නේ අවුරුදු 2ක් වගේ ඉතා කුඩා කාලයක්. ඔහු මොකද කරන්නේ අර අවුරුදු 46ක් තිස්සේ පුටුවෙ වාඩිවෙලා කරන්න හිටපු දේවල් මේ මාස හත අටේ කරන එක තමයි පේන්න තියෙන්නේ. මා දන්න විදිහට ඔහු රටවල් 18කට ගිහින් තියනවා. සංචාර 18ක්. මළගෙවල්වල ගියා. පදවි ප්‍රාප්තිවලට ගියා. මාලදිවයින ජනාධිපති දිවුරුම් දෙන තැනට ගිහින් තියනවා. ලෝකෙ කිසිම රාජ්‍ය නායකයෙක් නැති සමුළුවලට ගිහින් තියනවා.
ඒ නිසා එතුමා ජනාධිපති ධූරය විඳිනවා මේ දවස්වල. ඒක තමයි අපට පේන්න තියෙන්නේ.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසනායක කීවේය.








