ජනප්‍රිය වීඩියෝ යෙදුමක් වන ටික්ටොක් TIKTOK තහනම් කිරීමට ඇමෙරිකාවේ තවත් ප්‍රාන්ත දෙකක් වන නිව්ජර්සි හා ඔහියෝ ප්‍රාන්ත පියවර ගෙන ඇති බව වාර්තා වේ. නිව්ජර්සි ප්‍රාන්තයේ ආණ්ඩුකාර, ඩිමොක්‍රටික් පක්ෂ සාමාජික ෆිල් මර්පි වැඩිදුරටත් ප්‍රකාශ කළේ ටික්ටොක්වලට අමරතව කෙටි වීඩියෝ ඇප් එකක් වන චීන තාක්ෂණ සමූහ ව්‍යාපාරයට අයත් ‘බයිට්ඩාන්ස්’ BYTEDANCE ද තහනම් කරන බවයි. මීට අමතරව හුවාවෙයි, ‘හික්විෂන් ඇතුලු දුසිමකට මෘදුකාංග තහනම් කිරීමටත් මෘදුකාංග නිෂ්පාදන හා සේවාවන් තහනම් කිරීමට ද කටයුතු කරන බව ආණ්ඩුකාරවරයා පවසා ඇත.
“පරිශීලක දත්ත පිළිබඳ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ගැටළු ඇති වී ඇති අතර චීන රජයට බයිට්ඩාන්ස් හරහා දත්ත ලබා ගැනීමට හැකිය..’ ලෙස මර්ෆිගේ කාර්යාලය පවසයි.
මෙම යෙදුම් තහනම් කිරීම පිළිබඳ අදහස් පළ කළ ඔහියෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර රිපබ්ලිකන් පාක්ෂික මයික් ඩිවයින් සඳහන් කළේ මෙම යෙදුම් රහසිගත දත්ත ප්‍රසිද්ධ කිරීමට සමත් බැවින් භාවිතා කරන්නන්ට සේම ජාතික හා දේශිය ආරක්ෂාවටත් සයිබර් ආරක්ෂණයටත් තර්ජන ඇති කරන බවයි.
මෙම ප්‍රාන්තවල තීරණය සම්බන්ධයෙන් ‘ටික්ටොක්’ පැවසුවේ ,බොහෝ රාජ්‍යයන් ඔවුන්ගේ ප්‍රාන්තවල සයිබර් ආරක්‍ෂාව ඉදිරියට ගෙන යාමට කිසිවක් නොකරමින් ටික්ටොක් පිළිබඳ පදනම් විරහිත අසත්‍ය මත පදනම්ව, නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් දේශපාලන වේදිකාවන්වලට පැනීම ගැන කලකිරීමට පත්වෙන බවයි.
රිපබ්ලිකන් ආණ්ඩුකාරවරු ටික්ටොක් රාජ්‍ය උපාංගවලින් තහනම් කිරීමට නායකත්වය දී ඇති අතර සමහර ඩිමොක්‍රටික් ආණ්ඩුකාරවරුන් එසේ කිරීමට ප්‍රමාද වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.