ජී20 හා ජී7 සමුළුවන්ගේ සභාපතිත්වය ඉන්දියාවට හා ජපානයට හිමිවීම අහම්බයක් බවත් ලෝකයේ අනාගතය හැඩගැස්වීම සඳහා න්‍යායපත්‍ර සැකසීමට හා මූලිකත්වය ලබා දීමට දෙරටේම අවධානය යොමු වී ඇතැයි ඉන්දීය පාරිසරික, වනාන්තර හා දේශගුණික වෙනස්වීම් පිළිබඳ මධ්‍යම අමාත්‍ය භූපේන්ද්‍ර යාදව් පවසයි.
ඔහු මෙලෙස පවසා ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා ජපාන පාරිසරික අමාත්‍ය අකිහිරෝ නිශිමුරා සමඟ නවදිල්ලියේ පැවති ද්විපාර්ශවික සාකච්ඡාවකදී ය.
මෙහිදී ඔවුන් ජී7/ජී 20 සහයෝගීතාවය, සමුද්‍ර හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආදී ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.
ජී20 සමුළුවේදී ඉන්දියාව ‘ ’ (ලයිෆ් ස්ටයිල් ෆොර් එන්වයර්මන්ට්/ පරිසරයට ජීවන රටාවක්) පිළිබඳ වඩාත් වුවමනාවෙන් අවධානය යොමු කරන බවත්, ජී 20 සමුළුවේදී ජපානය, ඉන්දියාවට සහයෝගය ලබා දෙනවා සේම ජී 7 සමුළුවේදී ඉන්දියාව, ජපානයට සහය දෙන බව යාදව් සඳහන් කරයි.
“අපි තිරසාර, සාකල්‍ය, වගකිවයුතු, සියල්ලන් සඳහා සාධාරණ වර්ධනය ප්‍රවර්ධනය කළ යුතුයි.” පාරිසරික සතියේදී ඉන්දීය ආණ්ඩුකාරවරයා පවසා ඇතැයි ‘ඒඑන්එයි’ පුවත් සේවය වාර්තා කරයි.