ලෝක ප්‍රකට බෞද්ධ භික්ෂුවකවන අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් දින ගණනාවක ශ්‍රි ලංකා සංචාරය නිමා කොට ආපසු වැඩම කරද්දී ගුවන් කොටුපළ බලධාරීන්ගේ අතපසුවීමක් නිසා උන් වහන්සේ වැඩම කරවීමට සිටි ගුවන් යානය මඟ හැරී පැය 12ක පමණ කාලයක් කටුනායක ගුවන් තොටුපළේ ගත කිරීමට සිදුව ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රි ලංකා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නිලධාරීන් අතින් සිදුව ඇති මෙම අත්වැරදීම හේතුවෙන් එහි සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරි පැමිණ අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගෙන් වැඳ සමාව ඉල්ලූ බවද එම වාර්තා තවදුරටත් සඳහන් කරයි.
වාර්තාව පරිදි සිද්ධියය මෙසේය.
දින නවයක කාලයක් ශ්‍රි ලංකාවේ රැඳී සිට දේශන, ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් ගණනාවකට එක්ව සිටි අජාන් බ්රහ්මවංසො හිමියන් යළි ආපසු ඔස්ට්‍රේලියාවට වැඩම කරවීම සඳහා පෙරේදා (30) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත වැඩම කළහ.
එහිදී උන්වහන්සේට ජනාධිපතිවරයාගේ නියමයෙන් විශේෂ අමුත්තන්ගේ වරප්‍රසාද පිරිනමා ඇති අතර ඒ අනුව හිමියන් විශේෂ අමුත්තන්ගේ පර්යන්තයට වැඩම කර ඇත.
මේ ආසන්න වෙලාවක අගමැතිවරයාත් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්රමුඛ පිරිසක්ද විශේෂ අමුත්තන්ගේ පර්යන්තට පැමිණ තිබේ. මේ අවස්ථාවේදී ඒ අවස්ථාවේ රාජකාරි කළ කාර්යභාර නිලධාරියා අනෙක් සියලු කටයුතු අමකක කර නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයාට පහසුකම් සැලසීමට කටයුතු කර තිබේ.
අගමැතිවරයා පිටත් වී ඇත්තේ තායිලන්තය බලාය. නිමල් සිරිපාලද සිල්වා ඇමතිවරයාට පහසුකම් සැපයීමට ඉදිරිපත් වූ කාර්යභාර නිලධාරියා බ්‍රහ්මවංසෝ හිමියන් නොසලකා අමාත්‍යවරයා ප්රමුඛ පිරිස ගුවන් යානයට රැගෙන ගොස් ඇත. විශේෂ අමුත්තන්ගේ කුටියක වැඩම කර සිටි බ්රහ්මවංසො හිමියන් ගැන සොයා බැලීමට සහ නියමිත ගුවන් යානය කරා රැගෙන යාමට මේ පුද්මගලයින් අමතක කර තිබේ.
මෙම සිදුවීමෙන් අජාන්බ්රහ්මවංසො හිමියන් අපහසුතාවකට ලක්ව ඇති අතර මෙම අතපසුවීම සම්බන්ධයෙන් ගුවන් තොටුපළ බලධාරීන් අතරද කතා බහක් සිදුව ඇත.
කෙසේ වුවද මෙම සිදුවීම දැනත් ගුවන් තොටුපළ සමාගමේ සභාපති මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරි වහා විශේෂ අමුත්තන්ගේ කුටියට පැමිණ උන්වහන්සේ වැඳ සියලු බලධාරීන් වෙනුවෙන් සමාව ඉල්ලා ඇති අතර ශ්‍රි ලංකන් ගුවන් සේවයේද මැදිහත් වීමෙන් උන්වහන්සේගේ ගමන් කටයුතු යළි සංවිධනය කොට ඊයේ (31) දහවල් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ යානයකින් මැලේසියාව බලා වැඩම කරවා එහි සිට ඔස්ට්‍රෙලියාව බලා වැඩම කරවීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇති බව සඳහන් වේ