බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති වන්දනාවේ ගිය ගුවන්තොටුපල  නිලධාරී ගොට්ටෝ  ලෝක පූජිත අජාන් බ්‍රාහ්ම්වංසෝ හිමි  පැය 12ක් කටුනායක රස්තියාදු කරති!

by editor
ජූනි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක ප්‍රකට බෞද්ධ භික්ෂුවකවන අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් දින ගණනාවක ශ්‍රි ලංකා සංචාරය නිමා කොට  ආපසු වැඩම කරද්දී ගුවන් කොටුපළ බලධාරීන්ගේ අතපසුවීමක් නිසා උන් වහන්සේ වැඩම කරවීමට සිටි ගුවන් යානය මඟ හැරී පැය 12ක පමණ කාලයක් කටුනායක ගුවන් තොටුපළේ ගත කිරීමට සිදුව ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රි ලංකා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නිලධාරීන් අතින් සිදුව ඇති මෙම අත්වැරදීම හේතුවෙන් එහි සභාපති විශ්‍රාමික මේජර් ජනරාල්  ජී.ඒ චන්ද්‍රසිරි පැමිණ අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගෙන් වැඳ සමාව ඉල්ලූ බවද එම වාර්තා තවදුරටත් සඳහන් කරයි.

වාර්තාව පරිදි සිද්ධියය මෙසේය.

දින නවයක  කාලයක් ශ්‍රි ලංකාවේ රැඳී සිට දේශන, ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් ගණනාවකට එක්ව සිටි අජාන් බ්‍රහ්මවංසො හිමියන් යළි ආපසු ඔස්ට්‍රේලියාවට වැඩම කරවීම සඳහා පෙරේදා (30)  අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත වැඩම කළහ.

එහිදී උන්වහන්සේට ජනාධිපතිවරයාගේ නියමයෙන් විශේෂ අමුත්තන්ගේ වරප්‍රසාද පිරිනමා ඇති අතර ඒ අනුව හිමියන් විශේෂ අමුත්තන්ගේ පර්යන්තයට වැඩම කර ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ ආසන්න වෙලාවක අගමැතිවරයාත්  වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා   ප්‍රමුඛ  පිරිසක්ද විශේෂ අමුත්තන්ගේ පර්යන්තට පැමිණ  තිබේ. මේ අවස්ථාවේදී ඒ අවස්ථාවේ රාජකාරි කළ කාර්යභාර නිලධාරියා අනෙක් සියලු කටයුතු අමකක කර නිමල් සිරිපාල ද සිල්වා  ඇමතිවරයාට පහසුකම් සැලසීමට කටයුතු කර තිබේ.

අගමැතිවරයා  පිටත් වී ඇත්තේ තායිලන්තය බලාය. නිමල් සිරිපාලද සිල්වා ඇමතිවරයාට පහසුකම් සැපයීමට ඉදිරිපත් වූ කාර්යභාර නිලධාරියා බ්‍රහ්මවංසෝ හිමියන් නොසලකා  අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිස ගුවන් යානයට රැගෙන ගොස් ඇත.   විශේෂ අමුත්තන්ගේ කුටියක වැඩම කර සිටි බ්‍රහ්මවංසො හිමියන් ගැන සොයා බැලීමට සහ නියමිත ගුවන් යානය කරා රැගෙන යාමට මේ පුද්මගලයින් අමතක කර තිබේ.

මෙම සිදුවීමෙන් අජාන්බ්‍රහ්මවංසො හිමියන් අපහසුතාවකට ලක්ව ඇති අතර මෙම අතපසුවීම සම්බන්ධයෙන් ගුවන් තොටුපළ බලධාරීන් අතරද කතා බහක් සිදුව ඇත.

කෙසේ වුවද මෙම සිදුවීම දැනත් ගුවන් තොටුපළ සමාගමේ සභාපති මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරි  වහා විශේෂ අමුත්තන්ගේ කුටියට පැමිණ උන්වහන්සේ වැඳ සියලු බලධාරීන් වෙනුවෙන් සමාව ඉල්ලා ඇති අතර ශ්‍රි ලංකන් ගුවන් සේවයේද මැදිහත් වීමෙන් උන්වහන්සේගේ ගමන් කටයුතු යළි සංවිධනය කොට ඊයේ (31)  දහවල් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ යානයකින් මැලේසියාව බලා වැඩම කරවා එහි සිට ඔස්ට්‍රෙලියාව බලා වැඩම කරවීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇති බව සඳහන් වේ

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කුඩු ගසා දේවකාරිය කළ මහා අනුහස් ඇති පිල්ලෑව දේවාලයේ දේවකාරිය කළ කපු කුඩ්ඩා අද අධිකරණයට…

Next Post

නතාෂාට කලින් ඥානසාර හිමි අත්අඩංගුවට ගන්න! හිටපු ජනපතිනිය කියයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.