අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති බන්දුලගේ දුම්රිය රක්ෂිත බදු දීමේ කතාවෙන් පසු සංවිධානාත්මක පිරිසක් රක්ෂිත කොල්ලයක…

by editor
සැප්තැම්බර් 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –   

  • ආණ්ඩුවේ ප්‍රාදේශීය  දේශපාලකයින් දුම්රිය රක්ෂිත පර්චස් එකකට රුපියල් 5000ක් අරන් මිනිස්සුන්ට බෙදා  දීලා ඇමතිට දන්වා නඩු දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

පොලොන්නරුව මඩකලපුව දුම්රිය මාර්ගයේ වැලිකන්ද රිදිතැන්න සිට වාලච්චේන දක්වා දුම්රිය රක්ෂිතය සංවිධානාත්මක   පිරිසක් විසින්   බලහත්කාරයෙන් මෙන්ම අනවසරයෙන් අත්පත් කරගෙන  එහි ස්ථිර භෝග සිටුවා ස්ථිර  ඉදිකිරීම් සිදුකරමින් ඇති බව   දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව සඳහන් කරයි.

පසුගිය දා  ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන     ප්‍රදේශයේ සංචාරයකට පැමිණ දුම්රිය රක්ෂිත ඉඩම් තාවකාලික බෝගවගාවකට පර්චස් එකක් රුපියල් සියය බැගින් ලබාදෙන බවට පැවසීමත් සමග මෙලෙස දුම්රිය රක්ෂිත ඉඩම් කොල්ලය ආරම්භ වී ඇති බව එම සංඝ සභාව පෙන්වා දෙයි.

සංවිධානාත්මක  පිරිස් විසින් අල්ලාගෙන ඇති දුම්රිය රක්ෂිතවල ස්ථිර   ඉදිකිරීම් කරමින් පොල් ඇතුළු ස්ථිර බෝග වගාව අරඹා ඇති බවත්  පූනානි ප්‍රදේශයේ වන අලි ගමන් ගන්නා ප්‍රධාන මාර්ගයත්     අවහිර කරමින්  ඉදිකිරීම්  සිදුකර  ඉඩම් සඳහා මායිම් සිටුවා ඇති බවත්   දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්   අද (12) මාධ්‍යයට දැනුම් දුන්නේ එම  ප්‍රදේශයේ කරන සංචාරකයක් අතරතුරය.

මඩකලපුව, වාලච්චේන, ඔට්ටමාවඩි, පුනානි, අක්කරේපත්තු ඇතුළු ප්‍රදේශවලින් පැමිණි කිසියම්   පිරිසක් මෙසේ  වැලිකන්ද රිදීතැන්න සිට වාලච්චේන දක්වා  බලහත්කාරයෙන් ඉඩම්  අල්ලාගෙන ඇතැයි වාර්තා වේ.

එසේ අල්ලාගත්  ඉඩම් කට්ට් 250ක් පමණ එම ප්‍රදේශයේ ඇතිබව  රාහුලාලංකාර  නාහිමියෝ කීහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අප මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සිදුකළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ කිසිදු අයුරකින් ඔවුන්ට ඉඩම් වෙන්කර ගැනීමට අවසර ලබාදී නොමැතිව බවය.

වෙන්කරගෙන ඇති දුම්රිය රක්ෂිත ඉඩම්..

එහෙත් ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ තේරිම් අනුව මුදල් ලබාගනිමින් අනීතික ලෙස මෙම ඉඩම් ලබාදීමට කටයුතු කර ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවෙ නිලධාරීහු පැවසූහ

ආණ්ඩුපක්ෂයේ ඇතැම් ප්‍රාදේශීය   දේශපාලඥයින් විසින් දුම්රිය රක්ෂිත පර්චස් එකක් ලබාදීමට රුපියල් 5000 මුදලක් ලබාගෙන ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ වාණිජ්‍ය අංශයේ නිලධාරීයෙක්  අප කළ විමසීමකදී පැවසීය.

මෙ වනවිට මඩකලපුවේ කිසියම්   කණ්ඩායමක් විසින් වැලිකන්ද රිදීතැන්නේ සිට වාලච්චේන  දක්වා එලෙස ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති බවත්, ඒ පිළිබඳ අමාත්‍යවරයාගේ අවධානය යොමුකර ,බලහත්කාරයෙන් ඉඩම් අල්ලාගත් අයවලුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සඳහන් කළහ.

මේ කතාවත් බලන්න…

දුම්රිය රක්ෂිත පර්චසය රුපියල් සීය බැගින්    වගාවට බදු දෙනවා – බන්දුල ගුණවර්ධන

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමන්තා පවර් නිල සංචාරය නිම කර පිටව යයි!

Next Post

පාස්පෝට් නිකුත් කිරීම සියයට 312කින් වැඩි වෙලා…. පසුගිය මාස 8ට නව පාස්පෝට් ලක්ෂ 07ක් නිකුත් කරලා…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.