සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති ප්‍රසන්නගේ ඉඩම් කොල්ලය හෙළි කළ රන්ජීවි ට එරෙහිව තලංගම පොලිසිය දැමූ නඩුවෙන් ඇය නිදොස් වී නිදහස්!

ප්‍රසන්න ඉන්න ඕන ඇමති කමේ නෙමෙයි... හිරේ... ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනතුරු සටන අත් හරින්නෙ නෑ...

by editor
ජූලි 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් රජයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිදුකරන දූෂණය සම්බන්ධව වීඩියෝ සාක්ෂි සහිතව රටට හෙළි කළ රන්ජීවි ද සිල්වාට  එරෙහිව තලංගම පොලිසිය විසින් ගොනු කළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අද (19) ඇය එම නඩුවෙන්  නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු  කළේය.

2021 නොවැම්බර් මස තලංගම පොලිසිය විසින් ගොනු කළ එම නඩුව අවුරුද්දයි මාස 10ක් පුරා විභාග වෙමින් තිබිණි.

නිදොස් කොට නිදහස් කළ රන්ජිවි ද සිල්වා අද මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රකාශ කළේ තමන් කිසිම වරදක් නොකළ  බව ද, අදාල නඩුව නාගරික සංවර්ධන ඇමති ප්‍රසන්න රණතුංගගේ අවශ්‍යතාවය මත තලංගම පොලිසිය විසින් ගොනු කර තිබුණේ යැයි ද  අධිකරණය තේරුම් ගත් බවය.

“ සිද්ධියට සම්බන්ධව  තලංගම පොලිිසය මම දාපු කිසිම පැමිණිල්ලකට හෝ ඔවුන් ක්‍රියා කළේ නෑ. ඒත් ඔවුන් මට විරුද්ධව නඩුවක් දැම්මා. මේ වනවිට ප්‍රසන්න රණතුංග රජයේ දේපල අවභාවිතා කරන හොරෙක් කියලා නීත්‍යානුකූළව ඔප්පු වෙලා ඉවරයි. ඒත්  තලංගම පොලිසිය කරන්නේ මං වගේ අහිංසක ඇත්ත කතා කරන, නීතියට සාමයට ගරු කරන මිනිස්සුන්ට නඩු දාලා හොරු රකින එක.”

“ මට මේ අගතිය කළ පොලිසියෙ     හැමෝටම එරෙහිව නඩු දානවා. නාගරික සංවර්ධන අධිකාරියටත් එරෙහිව නීතිය ඉදිරියට යනවා. අපි එක්ක රැඳී ඉන්න. ප්‍රසන්න රණතුංගට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනතුරු මේ සටන අත්හරින්නෙ නෑ. මොකද ඔහු මේ වනවිට ඉන්න ඕන ඇමති ධූරයක නොවෙයි, හිරේ නිසා.” රන්ජීවි ද සිල්වා කීවාය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඇයත් සමග අද මානව හිමිකම් කොමිසමේ කැඳවීමකට  අනුව එම කොමිසමට ගිය “මගෙන් රටට” සංවිධානයේ සභාපති  සංජය මහවත්ත ප්‍රකාශ කළේ ප්‍රසන්න රණතුංගගේ රාජ්‍ය ඉඩම් අත්පත් කරගැනීම ඇතුළු අයථා කරුණු සම්බන්ධව තලංගම, මිරිහාන, සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කළ පැමිණිලි 26ක් පිළිබඳව කිසිම විමර්ශනයක් සිදු නොවුන  බවය.

“රජයට අයිති ඉඩමක් බලහත්කාරයෙන් ඇමති ප්‍රසන්න රණතුංග භුක්තිි විඳිනවා.  තවත් චෝදනා රාශියක් ඔහුට  තියනවා. මේ චෝදනා ගොනු කළ පසු     පොලිසිය ක්‍රියා කළ ආකාරය ගැනයි දැන් අපට  ගැටලුව   තියෙන්නේ.”

“මේ පැමිණිලි විභාග නොවීම සම්බන්ධව මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ල ගොනු කළේ ඒ නිසා”

“ඒ  පැමිණිල්ල ට අදාලව කොමිසම තලංගම පොලිස් ස්ථානාධිපති, මිරිහාන පොලිස් ස්ථානාධිපති සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක චූදිතයන් කර ඔවුන්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණා.”

“අද එහි විභාගයට කැඳෙව්වා. තලංගම පොලිසියෙ ඕඅයිසී විතරයි ආවේ. මිරිහාන පොලිස් ස්ථානාධිපති සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මානව හිමිකම් කොමිසමට ආවෙ නෑ. ඔවුන්ගේ නොපැමිණිම ගැන කරුණු විමසන්න කොමිසම සූදානම් බව අපට දැනුම් දුන්නා.”

“සාධාරණයක් ඉෂ්ට වෙනකම් මේ ප්‍රශ්නය දිගටම අරන් යනවා.” ඔහු කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි රාජකාරි අරඹයි!

Next Post

ආලය විවාහ එපා කියන චීන තරුණ තරුණියන් රජයට හිසරදයක් වෙයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.