සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති කෙහෙළියගේ උපදේශක හිමිනම සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 72ක් තරුණියක් කොල්ල කාලා..

by editor
සැප්තැම්බර් 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කොරියාවේ සිට පැමිණි සිය ඥාති පුත්‍රයා රැගෙන ඒමට  කටුනායක ගුවන්තොටුපලට ගිය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ උපදේශක හිමිනමක් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ හැත්තෑ දෙකකට අධික මුදලක් එම හිමිනම  සහ රියදුරු මත් කරවා කොල්ල කෑ බව කියන තරුණියක් සම්බන්ධව විශේෂ පොලිස් විමර්ශනයක් ආරම්භ වී තිබේ.

විමර්ශන ආරම්භ වී  ඇත්තේ ඊයේ (16) එම හිමිනම විසින් කළ පැමිණිල්ලක් පදනම් කරගනිමිනි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

උක්ත හිමිනමගේ ඥාති පුත්‍රයා කොරියාවේ සිට පැමිණෙන බැවින් පෙරේදා (15) ඔහුව රැගෙන යෑම සඳහා හිමිනම රියදුරු ද සමග කටුනායක ගුවන්තොටුපලට පැමිණ තිබේ.  තරුණයා පිළිගැනීම සඳහා කොරියාවේ සිටිය දී  මුහුණුපොතින් දැන හඳුනාගත් තරුණියක් ද ගුවන්තොටුපලට පැමිණ ඇත.

මේ අතර අදාල තරුණයා නඩුවකට පෙනී නොසිට වරෙන්තු වී සිටීම නිසා  ගුවන්තොටුපලින් පිටවීමේ පර්යන්තයේ දී ඔහුව අත්අඩංගුවට ගෙන මීගමුව උසාවියට ඉදිරිපත් කර තිබේ. එහිදී තරුණයා සතුව තිබූ ලක්ෂ හැත්තෑ දෙකකට අධික මුදල් ප්‍රමාණයක් මෙම හිමිනමට භාර දී ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

හිමිනම පොලිසියට පවසා ඇත්තේ තමන්ට සහ රියදුරුට තරුණයා මුහුණුපොතින් හඳුනාගත් තරුණිය බීමට සිසිල් පැන් ගෙනත් දුන් බවය. එය පානයෙන් පසු මද වේලාවක් යනතුරු තමාටත් රියදුරු තැනටත් යම් මත් ගතියක් ඇති වූ බවය.  එහෙත් ටික වේලාවකින් ඒ මත් ගතිය පහ වී ගිය බවත් අදාල තරුණිය ද රියෙහි නන්වාගෙන පැමිණ ඇයව දෙමටගොඩින් බැස්සවූ බවත් හිමිනම පොලිසියට කියා ඇත.

පසුව බලද්දී සිය ඥාති පුත්‍ර තරුණයා තමන්ට භාර දුන් මුදල් තමන් තැබූ ස්ථානයේ නොතිබුණු බව හිමියන් පොලිසියට ප්‍රකාශ කර තිබේ.

තරුණිය පිළිබඳ කිසිම නිශ්චිත තොරතුරක් තවම සොයා ගත නොහැකි වූ බවත් මෙය සංවිධානාත්මක අපරාධ කල්ලියක වැඩක් දැයි විමර්ශන අංශ සොයා බලන බවත් පොලිසිය පවසයි.

Share69Tweet43
Previous Post

සීදූවේ හිමිනම ඝාතනයට අත්අඩංගුවට ගත් ගෝල චීවරධාරියා රිමාන්ඩ්!

Next Post

විස හාල්  බොරුවක්… අරුණ මව්බිම පුවත්පත්වලට එරෙහි සීඅයිඩී පැමිණිල්ලක්… ජනපති මාධ්‍ය අංශය..

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.