විස සහිත හාල් ලංකාවට ගෙනා බවට ඉරිදා මව්බිම හා ඉරිදා අරුණ පුවත්පත පළකර ඇති පුවත සම්පූර්ණගෙන් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මේ වසරේ ජනවාරි සිට මේ දක්වා පළිබෝධ නාශක රෙජිස්ටාර් කාර්යාලයෙන් එවැනි කිසිම පර්යේෂණයක් සිදුකර නොමැති බවත් මෙම වැරදි කරුණු වාර්තා කිරීම සම්බන්ධව වෙළෙඳ , වාණිහා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කරන බවත් එම නිවේදනයේ දැක්වේ.
ජනාධිපති මාධ්‍ය අංශය විස හාල් කතාව ප්‍රතික්ෂේප කරමින් මෙම නිවේදනය නිකුත් කරන්නේ පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ වැඩබලන පළිබෝධ නාශක රෙජිස්ටාර් ලසන්ත රත්නවීර කළ ප්‍රකාශයක් පදනම් කරගනිමිනි.
වර්ෂ 2017 දී සිදුකරන ලද පර්යේෂණයකට අදාල වර්තාවක් උපයෝගී කරගෙන අදාල පුවත් පත් එම වාර්තාව සකසා ඇතැයි ඔහු සඳහන් කරයි.
එහි අන්තර්ගත කරුණු ද දෝෂ සහිත බව වැඩබලන රෙජිස්ටාර්වරයා පෙන්වා දෙයි. මෙවැනි සාවද්‍ය පුවත් හරහා මහජන කැළඹීමක් ඇතිවිය හැකි බව හෙතෙම පවසයි.
මෙම සිදුවීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනුකිරීමට කටයුතු කරන බව වෙළෙඳ , වාණිහා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් සිසිර කොඩිකාර කියයි.
ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.








