ශ්‍රියානි විජේසිංහ –
වැඩවර්ජනයේ නියුතු සෞඛ්‍ය සේවකයින් සහ සෞඛ්‍ය ඇමතිවරයා අතර පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වී ඇති අතර අදාල ගැටලුවට තමාට තනිව විසදුමක් ලබා දිය නොහැකි බව සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළ බව විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ අනුව සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයින් සහ සෞඛ්‍ය ඇමතිවරයා මුදල් රාජ්‍ය ඇමතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ලබා දිය හැකි විසදුම් කුමක්ද යන්න පිලිබදව ප්‍රකාශයට පත්කරන බව ඇමතිවරයා පවසා ඇත. ඒ අනුව අද පස්වරු 3.30ට මුදල් අමාත්‍යවරයා සමඟ පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවක් දක්වා සෞඛ්‍ය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව තහවුරු කර තිබේ.
සෞඛ්‍ය වෘත්තීය සමිති 72කගේ සහභාගිත්වයෙන් අද උදෑසන ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය හෙට (17) උදෑසන දක්වා ක්‍රියාත්මක වනුඇත.
වෛද්‍යවරුන්ට ලබා දුන් DAT දීමනාව වන රු35,000ක මුදල සමස්ත සෞඛ්‍ය සේවකයින්ටම ලබාදෙන මෙන් ඉල්ලා මෙම වැඩ වර්ජන ආරම්භ කර ඇත.
අද පස්වරු 3.30ට මුදල් අමාත්‍යවරයා සමඟ පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවක් දක්වා සෞඛ්‍ය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව තහවුරු කර තිබේ.