ශ්‍රියානි විජේසිංහ –
සෞඛ්‍ය වෘත්තිකයන් අද ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව යොදවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ත්‍රිවිධ හමුදාව යෙදෙව්වද රසායනාගාර පරික්ෂණ , විකිරණ පරික්ෂණ, ඖෂධ නිකුත් කිරිමට, ඇතුළු ප්‍රතිකාර සේවාවන් ලබා දීමට හැකියාවක් නොමැති නමුත් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් කරනු ලබන රාජකාරිවලින් කොටසක් පමණක් සිදුකිරිමේ හැකියාව පවතින බව ජාතික රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේය.
ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් අසරණව නැවත හැරී යන බවත් වෘත්තීය සමිති ඊයේ දිනයේදී රෝහල් වර්ජනයක් බැවින් රෝහල වෙත නොපැමිණෙන ලෙස කළ දැනුම් දීම හේතුවෙන් වෙනදා මෙන් රෝගින් රෝහල්වෙත පැමිණීමක් දක්නට නොමැති බවත් හෙතෙම කීවේය.
වැඩ වර්ජනයක නිරත වි සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෘත්තීය සමිති නායකයින් සමග සෞඛ්‍ය ඇමතිවරයා මේ මොහොතේ විශේෂ සාකච්ඡාවක නිරතව සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35000ක DAT දීමනාව තමන්ට ලබා දෙන මෙන් ඉල්ලා සෞඛ්‍ය වෘත්තිකයින් මෙම වැඩ වර්ජනය ආරම්බ කර ඇත.