ජීවිතයේ අවසන් අර්ධය ගෙවමින් සිටින තමන් මෙම අරගල බිමට පැමිණියේ ප්‍රසිද්ධ වෙන්නට නොවන බවත්, තමන්ගේ ජීවිතයෙන් ගිලිහී ගිය දේ අලුත් පරම්පරාවට දීම සඳහා බවත් අද (13) ගාලුමුවදොර අරගල බිමට පැමිණි ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, ලෝක සම්භාවනාවට පත් ක්‍රිකට් තීරක රොෂාන් මහානාම පැවසුවේය.
ඔහු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ටම වේග පන්දු යවන්නෙක්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙක් හා කළමණාකරුවෙක් වූ චම්පික රාමනායක අරගල බිමටපැමිණ සිටියේය.
රොෂාන් මහානාම මාධ්‍යය අමතමින් මෙසේ ද පැවසුවේය.
මං මෙතෙන්ට ආවෙ ප්‍රසිද්ධ වෙන්න නෙමෙයි. මගෙ ජීවිතෙන් තුනෙන් දෙකක් මම ජීවත් වෙලා ඉවරයි.
මගෙ ජීවිතේ අන්තිම අදියරේ මගෙ එකම බලාපොරොත්තුව මට වඩා හොඳ තැනක් මගෙ අනාගත පරම්පාරවට තියලා යන්න.
මම අද දැක්ක ඩොලර් එක ෆ්ලෝට් කරපු එක කරන්න තිබුණෙ නෑ කියලා කියනවා. අපි නෙවෙයි. ඒ තීරණ ගන්නෙ ඒගොල්ලො. රටේ ජනතාවට ගෑස් නෑ. පෙට්‍රල් නෑ. කිරිපිටි නෑ. බේත් හේත් නෑ. මේ වගකීම තියෙන්නෙ ඔවුන්ට.
ඔවුන් ඒ වගකීම පැහැර හරින්න හොඳ නෑ. ඉදිරියේදී අපි මේ දෙශපාලකයන්ට සලකන්න ඕන ඔවුන් ඔවුන් අපේ සේවකයො හැටියට මිසක් වෙන කවුරුත් ලෙස නොවෙයි.
සාමාන්‍යයෙන් ජනතාව මේ වගේ කොඩියක් එක්ක දකින්නෙ මැච් එකකදි. මේ වෙලාවෙ මම හිතුවා මට වගකීමක් තියනවා කියලා ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න.. රොෂාන් මහනාම කීවේය.
චම්පික රාමනායකත් මධ්‍යයට අදහස් දැක්වූයේය. ඔහු කීවේ කැප කිරීම් කරන්නට හැකි නමුත් මෙවැනි වැරදි පාලනයකින් සිදුවන බිඳවැටීම් දරාගත නොහැකි බවය.
“අපට සිස්ටම් එකේ වෙනසක් අවශ්‍යයි. අපේ තරුණ පරම්පාරවට ලෝකයට යන්න අවස්ථාව ලබා දෙන්න ඕන. අපි කැපවීම් කරන්න ලෑස්තියි. සාගතයක් නම් නියඟයක් නම් අපි ඒකට කැපකිරීම් කරන්නම්.
නමුත් වැරදි පාලනයකින් මෙහෙම දෙයක් වුනාම අපට ඒක දරාගන්න බෑ.







