මේ රටේ හත්වන විධායක ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීමත්, මහින්ද රාජපක්ෂවන ඔබ ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබ පවුලේ සියලු දෙනාත් ආණ්ඩුවේ සහ පාර්ලිමේන්තුවේ සියලු ධුරවලින් ඉල්ලා අස්වීමෙන් මෙපිට කිසිම විසඳුමකට ගාලුමුවදොර අරගලකරුවන් එකඟවන්නේ නැතැයි එම අරගල කරුවන් අගමැතිවරයා වෙත ලිඛිතව දන්වා තිබේ.
අරගලයේ නියුතු පිරිස මෙම ඉල්ලීම් වලින් වියුක්ත කාරණාවක් නියෝජනය නොකරන බවත් ඔවුන් නමින් කවරෙක් හෝ අගමැතිවරයා සමග සාකච්චා කරන්නේ නම් ඒ ඔවුන්ගේ නියෝජිතයෙක් නොවන බවත් අරගලකරුවන් අගමැතිවරයාට දන්වා යවා ඇත.
ඔවුන් ලියූ ලියුම පහත දැක්වේ.








