ඉරිදා, ජූනි 7, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇඬෙන්න දිනන ලකුණු… දැනට ආසන 62කින් 44ක්ම මාලිමාවට… විපක්ෂයට එඩ්‍රස් නැති වෙයි ද?

by editor
නොවැම්බර් 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව මේ වනවිට ජාතික ජන බලවේගය සුවිශේෂී ජයග්‍රහණයක් සහිතව ඉදිරියෙනි. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව මේ වනවිට ජාතික ජන බලවේගය අත් කරගත් ඡන්ද ප්‍රමාණය පනස් ලක්ෂ දෙසීය අනූ හයකි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 61.6කි. ආසන ප්‍රමාණය 44කි.

පහළොස් ලක්ෂ හතලිස් එක් දහස් එකසිය දාසයක් සහිතව සමගි ජන බලවේගය ආසන 11ක් දිනාගෙන තිබේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 18.99කි. ගෑස් සිලින්ඩරය ලකුණින් තරග වදින රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායම එක් ආසනයක් සහ සියයට 3 වැටුන පොහොට්ටුව ආසන 2ක් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය එක් ආසනයක් සහ වෙනත් අය එක් ආසනයක් දිනාගෙන තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආසන 5ක් මාලිමාවටය. සජබට ආසන 2 සහ එක්සත් ජාතික පක්ෂයට එක් ආසනයක් හිමි වී තිබේ. මෙයද අති විශේෂ ජයග්‍රහණයක් වන්නේ වතුකරයේ සම්ප්‍රදායික දෙමළ දේශපාලනය කරමුලින් ගෙන සොලවා විසි කිරීමට ඉතිහාසයේ පළමුවරට වතුකර ප්‍රජාව කටයුතු කර ඇති බැවිනි.

ත්‍රී කුණාමලය – ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ බලකොටුවක් වූ ත්‍රිකුණාමලයේ ජයග්‍රහණය ද ජාතික ජන බලවේගයටය. වර්ගවාදී ගෝත්‍රික දේශපාලනය ජනතාව විසින් තීරණාත්මක ලෙස වෙනස් කර ඇත්තේ දිස්ත්‍රික්කයේ ආසන 2ක් මාලිමාවට ලබා දෙමිනි. සජබ සහ ඉලංගෙයි තමිල් අරුස කච්චි වෙත එක් ආසනය බැගින් හිමි වී තිබේ.

RelatedPosts

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරුන් 5ක් වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපයි! අල්ලස් චෝදනා ඔප්පු වූ බව සජබ කියයි!

ගම්මන්පිල කී කතාව බොරු බව පොලිසිය කියයි… අධිකරණයේ ඇති කරුණක් ගැන කතා කරනකොට වගකීම් සහිත වන්නැයි ගම්මන්පිලට දන්වයි!

තව පැය කීපයකින් ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා තරගය ගැන ජාත්‍යාන්තර මාධ්‍ය කියන කතාවක්!

මාතලේ දිස්ත්‍රික්කයත් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන්නේය. ඒ ආසන 4ක් සමගිනි. එක් ආසනයක් සමගි ජන බලවේගයට හිමි වී තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන 6ක් මාලිමාවටය. ඒ විශිෂ්ට දිස්ත්‍රික් ජයග්‍රහණයක් සමගිනි. සමගි ජන බලවේගයට ආසන දෙකක් හිමි වී ඇත. රනිල් වික්‍රමසිංහගේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එක් ආසනයකි. නිමල් සිරිපාල ද සිල්වා, චාමර සම්පත් දසනායක ඇතුළු රනිල්ගේ පළපුරුදු කණ්ඩායම තරග වැදුනේ බදුල්ලෙනි.

මොනරාගල දිස්ත්‍රික්කයේ ද ආසන 5ක් මාලිමාවටය. සජබට එක් ආසනයකි. මොනරාගලත් සේදී ගොස්ය. සිලින්ඩරය හෝ පොහොට්ටුව ලොවෙත් නැත.

මාතර දිස්ත්‍රික්කයේ ආසන 6ක් මාලිමාව දිනාගෙනය. සජබට එක් ආසනයකි. පොහොට්ටුව, රනිල්ගේ ගෑස් සිලින්ඩරයට එක් ආසනයක්වත් නැතිව විසිවී ගොස්ය. සිලින්ඩරයේ වැඩ දන්නා කාංචනත් පරාදය.

පොළොන්නරුව දිස්ත්‍රික් ජයග්‍රහණයත් මාලිමාවටය. ආසන 4ක් මාලිමාව දිනාගෙන තිබේ. සජබට එක් ආසනයක්
හිමිව ඇත. ජාතික ජන බලවේගය පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආසන 4ක් ජයග්‍රහණය කර තිබේ. ගෙන් ගෙට ගොස් තම පුතාව දිනවන්නට හැදූ මෛත්‍රීපාල අවලංගු චරිතයක් බවට පත්ව ඇත. සර්ව ජන බල පක්ෂයට එකදු ආසනයක්වත් පොලොන්නරුවෙන් නැත. රනිල්ගේ ගෑස් සිලින්ඩරයටත් එසේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසන 5ක් මාලිමාව දිනාගෙන දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර තිබේ. සජබට සහ පොහොට්ටුවටත් ආසනය බැගින් හිමි වි ඇත. හම්බන්තොටින් ගෑස් සිලින්ඩරය විසි වී ගොස්ය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන 7ක් මාලිමාවට ය. එය විශිෂ්ට ජයග්‍රහණයකි. සජබට සහ පොහොට්ටුවටත් ආසනය බැගින් හිමි වී තිබේ. විශාල ඡන්ද වියදමක් දරමින් පාර්ලිමේන්තුවට පොරකෑ රනිල්ගේ පළපුරුදු මනුෂත් ගෙදරය.  ගෑස් සිලින්ඩරයට එක් ආසනයක්වත් ගාල්ලෙන් නැත.

පෙනෙමින් ඇත්තේ නව සංස්කෘතියකි. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ බලකොටුවක් වුන යාපනය මැතිවරණ කොට්ඨාසය මාලිමාව දිනාගෙනය.  ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයත් ඔවුන් පරාදය. වතුකරයේ දෙමළ සම්ප්‍රදායික දේශපාලන නායකත්වය හොම්බෙන් ගොස්ය. බොහෝ විට වතු කම්කරු පවුල්වල දෙදෙනෙක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට එන්නට ඇති ඉඩ වැඩිය. මේ සුබදායි ජනතා පෙරළිය ජාතික ජන බලවේගය කළමනාකරණය කරගන්නා ආකාරය ඉදිරි අනාගතය තීන්දු කරනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තංගල්ල මාලිමාවට…

Next Post

කළුතරත් මාලිමාවට විශිෂ්ට ජයක්… ආසන 08ක් මාලිමාවට…

Related Posts

පුවත්

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරුන් 5ක් වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපයි! අල්ලස් චෝදනා ඔප්පු වූ බව සජබ කියයි!

ජූනි 7, 2026
Udaya-Gammanpila
පුවත්

ගම්මන්පිල කී කතාව බොරු බව පොලිසිය කියයි… අධිකරණයේ ඇති කරුණක් ගැන කතා කරනකොට වගකීම් සහිත වන්නැයි ගම්මන්පිලට දන්වයි!

ජූනි 6, 2026
49 දෙනා සමූහ මිනී වළේ මිහිදන් කරන අයුරු...
පුවත්

ගිනි ගන්නා සහරා කාන්තාර මාර්ගයක කැඩුන ට්‍රක් රථයක සිටි 49 දෙනෙක් දිය පොදක් නැතිව මැරුණු හැටි…

ජූනි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරුන් 5ක් වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපයි! අල්ලස් චෝදනා ඔප්පු වූ බව සජබ කියයි!

ජූනි 7, 2026
Udaya-Gammanpila

ගම්මන්පිල කී කතාව බොරු බව පොලිසිය කියයි… අධිකරණයේ ඇති කරුණක් ගැන කතා කරනකොට වගකීම් සහිත වන්නැයි ගම්මන්පිලට දන්වයි!

ජූනි 6, 2026

තව පැය කීපයකින් ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා තරගය ගැන ජාත්‍යාන්තර මාධ්‍ය කියන කතාවක්!

ජූනි 6, 2026
ADVERTISEMENT
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • ‘වෙලේ සුදා’ ගේ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරුන් 5ක් වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපයි! අල්ලස් චෝදනා ඔප්පු වූ බව සජබ කියයි!
  • ගම්මන්පිල කී කතාව බොරු බව පොලිසිය කියයි… අධිකරණයේ ඇති කරුණක් ගැන කතා කරනකොට වගකීම් සහිත වන්නැයි ගම්මන්පිලට දන්වයි!
  • තව පැය කීපයකින් ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා තරගය ගැන ජාත්‍යාන්තර මාධ්‍ය කියන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.