සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආයෝජකයින්ට ඇඳගෙන රටම වනසන චීන අපරාධ මාෆියාව!

by editor
අගෝස්තු 31, 2023 - Updated on සැප්තැම්බර් 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනය පසුගිය 19 වැනිදාය. ඇසුනේ රටම කම්පනය වන පුවතකි. යන්න අතක් නැතිව බංකොලොත් වී සිටින රටක ජීවත් වෙමින් අප ගොඩයන්න සැලසුම් කරන්නේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ ආර්ථිකයකිනි. විදෙස් ආයෝජන සම්බන්ධව අප්‍රමාණ බලාපොරොත්තු සහිතව සැලසුම්වන ආර්ථිකයකිනි.

එවැනි පසුබිමක කොළඹ 08 බොරැල්ල ලේක් ඩ්‍රයිව් පාරේ සුපිරි ධනවතුන් වෙසෙන ජනාවාස භූමියක චීන ජාතික ව්‍යාපාරිකයෙක් කොල්ල කන්නේය. ඒ නිවසට ඇතුළු වූ කොල්ල කරුවන් පිරිසක් විසිනි.

19 දා රාත්‍රියේ තම නිවසට පැන  කෝටි හතරකට ආසන්න වත්කම් ප්‍රමාණයක් කොල්ල කෑ බවට බොරැල්ල පොලිසියට පසුගිය 20 දා අලුයම පැමිණිලි කරන්නේ වින්දිත චීන ජාතිකයා විසින්මය.

ඔහු පොලිසියට කියන්නේ  ඔහු  කොළඹ වරාය නගරයේ ආයෝජනය කළ ව්‍යාපාරිකයෙක් බවය.  ඔහුගේ නම    Su Zu Qing ය. වයස අවුරුදු    38 කි.    20 දා අලුයම  පොලිසියට පැමිණිලි කරමින් දන්වා සිටියේ   19 දා රාත්‍රී කාලයේ දී නිවසට කඩා වැදුන කොල්ලකරුවන් තිදෙනෙක්  කෝටි හතරකට ආසන්න දේපල සහ වත්කම් ප්‍රමාණයක් කොල්ල කෑ බවය.

බොරැල්ල ලේක් ඩ්‍රයිව් පාරේ නිවසට ඇතුළු වූ කොල්ලකරුවන් තිදෙනා තමන්ටත් , තම භාෂා පරිවර්තකයාටත් අරක්කැමියාටත් පහර දී ගිනි අවියක් පෙන්නා මරණීය තර්ජන කර දෑත් දෙපා ගැටගසා   අනතුරුව නිවසේ තිබූ ඇමරිකානු ඩොලර්, යුවාන්, තායි බාත්, හොංකොං ඩොලර්, ඩිරාම් ඇතුළු විදේශීය මුදල් ද,  ජංගම දුරකථන 11ක්, ලැප්ටොප් පරිගණක 07ක්, අර්මාන් වර්ගයේ අත් ඔරලෝසුවක්, දේශීය මුදල්, විදේශීය මත්පැන් බෝතල් 05ක්,  සීසීටීවී පද්ධතයේ DVR කොටස සහ KDH වෑන් රථයක් කොල්ලකෑ බවට මෙම චීන ජාතිකයා පැමිණිලි කර තිබුණේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බොරුව හෙළි වීම.

මේ සම්බන්ධයෙන් කොළඔ කොට්ඨාස භාර  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හසන්ත මාරපන දැනුවත්වීමෙන් පසු විමර්ශන සිදුකිරීම සඳහා කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුමැතිය ලබා දුන්නේය.  ඒ අනුව කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කළේය.

විමර්ශනය ආරම්භයේ දී මේ පැමිණිල්ලේ ගැටලු සහගත ස්ථාන රාශියක් විමර්ශකයන්ගේ අවධානයට ලක් වූයේය. වඩාත්ම අවධානයට ලක් වූ කාරණයක් තිබිණි. කොල්ලකරුවන් විසින් පැහැරගත් බව කියන  KDH වෑන් රථය අතරමග දි හමුවීමත් සමගය.

වෑන් රථය හමුවූයේ  දියත උයන ආසන්නයේදී ය.   රථය ගාල්කර තිබූ ආකාරය දෙස විමසිලිමත්ව බැලීමේදී මෙම සොරකමට එහි රියැදුරු  සම්බන්ධවී ඇති බවට පොලිසියට සැක පහළ වූයේය.

විමර්ශකයින් මුලින්ම රියදුරු අත් අඩංගුවට ගත්තේය. ඔහුගෙන්  වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ  චීන ජාතිකයා විසින්ම මංකොල්ලය සැලසුම් කර තමන්ගේ කොටස සඳහා ලක්‍ෂ 15 ක මුදලක් දී ලබා දුන් බවය.

පරීක්ෂණ කරගෙන යනවිට විමර්ශකයින්ට හෙළි වූයේ   කොළඹ වරාය නගරයේ ව්‍යාපාර කටයුතුවල නිරතවන බව කී මෙම චීන ජාතිකයා එවැනි ආයෝජකයෙක් නොව, ජාත්‍යාන්තර පිරමීඩ ජාවාරමක නිරතවන පුද්ගලයෙක් බවය.

චීනා  විසින් පිටපතකට අනුව බොරු පැමිණිල්ලක් කරන්නේ කැසිනෝ සූදුවට ගොස් පිරමීඩ ජාවාරමින් රැස් කරගත්   කෝටි ගණනක මුදල් පරාජය වීම සිය හවුල්කරුවන්ගෙන්  වසන් කරගැනීමට    බව ද  විමර්ශකයින් හෙළි කරගත්තේය.  අනතුරුව බොරු පැමිණිලිකාර චීනා කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශකයින්ගේ අත් අඩංගුවට පත් විය.

අනතුරුව  තවත් මහල් නිවසක   රැඳෙමින් ජාවාරම් කළ චීන ජාතිකයකු නීති විරෝධී දුම්වැටි 30,000 ක්, දුරකථන 23 ක්, ලැප්ටොප් පරිගණක 7 ක්, සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූයේය.

ප්‍රශ්න කිරීමේදී වෑන් රථය දියත උයන ආසන්නයේ නවතා, කොල්ලයට සම්බන්ධ කරගෙන සිටි  ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනකු   වෑන් රථයේ රියැදුරුගේ ඥාති සහෝදරයකු රැගෙන පැමිණි කැබ් රථයකින් ගාල්ල ප්‍රදේශයට රැගෙන ගොස් ඇරලවා ඇති බව  හෙළි වූයේය. එම කැබ් රථය සහ එහි රියැදුරුද විමර්ශකයින් විසින් අත් අඩංගුවට  ගත්තේය. මොවුන් දෙදෙනා රියදුරන් ලෙස පමණක් සේවය කර ඇති බවත් අනාවරණය  විය.

රට හොර තිප්පලක් කළ චීන්නුගේ මගඩිය

මෙම චීනා විසින් මෙහෙයවමින් සිටි  ජාත්‍යන්තර පිරමීඩ ජාවාරමට  චීන ජාතිකයන්  4000කට වැඩි පිරිසක් සම්බන්ධව සිටින්නට  ඇතැයි මේ වනවිට  පොලිසිය සැක කරන්නේය. ජාවාරමේ මුදල්  ලංකාවේ රැඳුනේත් නැත. ඒවා උණ්ඩියල් ක්‍රමයට චීනයට ගෙන ගොස්  නැවතී ඇත්තේය.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයා මෙරට සිට මැලේසියාව,  සිංගප්පූරුව ඇතුළු රටවල් කිහිපයක පුද්ගලයන් ගෙන්  ඩොලර් 100, 200 වැනි තැන්පතු සඳහා ප්‍රතිලාභ ලබාදී ඩොලර්  10,000 ක් වැනි මුදලක් තැන්පත් වීමෙන් පසු ඒවාට ප්‍රතිලාභ නොගෙවා එම මුදල් වංචාකර ඇති බව හෙළිකර ගෙන තිබේ.

සැකකාර චීන ජාතිකයා වරාය නගරයේ ආයෝජකයකු  ලෙස පෙනී සිටිමින් කොළඹ පිහිටි සුපිරි මහල් සංකීර්ණ 7කින්  නිවාස 8 ක් ලබාගෙන ඇත. අනතුරුව චීන ජාතිකයන් එහි රඳවා මෙම  ජාවාරම සිදුකරගෙන ගොස් තිබේ.   පොලිසිය එම නිවාස වැටලීමට යනවිටත් එහි ඉබි යතුරු දමා පරිගණක ද රැගෙන  චීන ජාතිකයන්  පළාගොස් ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එක් නිවසක පෞද්ගලික ආරක්‍ෂක  නිලධාරියා ගෙන් විමසීමේදී වැටලීමට මොහොතකට පෙර  චීන ජාතිකයන් 27 දෙනෙකු ඉන් පිටව ගොස් ඇති බව ද  හෙළි වූයේය.

මොහු යටතේ ඍජුව මෙම ජාවාරම හා බැඳුණු චීන්නුන්  300කට වැඩි   පිරිසක් සිටින්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මෙම  ජාවාරමට සම්බන්ධ වී ඇති පිරිස ජාවාරමෙන් උපයාගන්නා මුදල් ජංගම දුරකථන හරහා උණ්ඩියල් ක්‍රමයට චීනයට ගෙනගොස් ඇති බවත් පොලිසිය විසින්  හෙළිකර ගෙන තිබිණි.

මෙම ජාවාරමට ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් සම්බන්ධ කරගෙන නැත්තේ මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබුණහොත් ජාවාරම දීර්ඝ කාලයක් කරගෙන යෑමට නොහැකි වීම නිසා බව ද හෙළිකර ගෙන ඇත.

රුපියල් ලක්‍ෂ 20 ක් 25 ක් වැනි මිල ගණන්වලට මාස දෙක  තුනක් මහල් නිවාසවල සිට එම ස්ථාන මාරුකරමින් ජාවාරම සිදුකර ඇති බව ද හෙළිකර ගෙන තිබේ.

ජාවාරම් කරුවන් රටින් පලා යමින් ද?

ප්‍රධාන චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමත් සමග අනෙකුත් සියලු චීන ජාතිකයන් දැනුවත් කිරීම සඳහා කිසියම් තාක්‍ෂණයක් භාවිත කරන්නට ඇති බවත් ස්ථාන කිහිපය වැටලීම් සිදුකිරීමේදී ඔවුන් සියලු දෙනා එම ස්ථානවලින් ඉවත්වීම නිසා එම සැකය මතුවන බවත් වැටලීම සිදුකළ විමර්ශන අංශ කීවේය.

මොවුන්ගේ ජාවාරම  සම්බන්ධයෙන් තොරතුරු පරිගණකවල සම්බන්ධ කර තිබෙන  බවත් ඒවා රැගෙන යෑම නිසා තොරතුරු සොයා ගැනීමට  බලවත් පරිශ්‍රමයක් දැරිය යුතු බවත් කී එම නිලධාරියා ඇතැම්  විට ජාවාරමට සම්බන්ධ පිරිස් රටින් පළාගොස් සහ පළායමින්  සිටිය හැකි බවත් කියා සිටියේය.

එම පිරිස පිළිබඳ තොරතුරු  නොමැති නිසා ගුවන් තහනමක් හෝ ලබා ගැනීමේ හැකියාවක්  නැතැයි ද ඔහු පැවසීය.

කොළඹ දකුණු කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හසන්ත මාරපන ගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරීවරුන්වන චානක අබේසිරිවර්ධන, කීර්තිසිංහගේ උපදෙස් මත කොළඹ දකුණ කොට්ඨාස  අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති අජිත් කුමාරෙ ගේ  මෙහෙයවීමෙන්  පරික්ෂණ පැවැත්වෙන්නේය. .

අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 9 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අප අනාගත ආයෝජනවලින් ගොඩ යන්නට සුබ සිහින දකින්නේ මෙවැනි අලුගුත්තේරුවන් සහිත පරිසරයක බව  සිහි කරමින් මේ සටහන නිමා කරන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇසට කඳුලක් එක් කළ… බස්නාහිර පළාත් විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත පැටවුන්ගේ ක්‍රීඩා උළෙල…

Next Post

ඔන්න අපි දිනුම්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.