අප විශ්වාස කරන පරිදි ඒ දවස ලෝකයේ ලස්සනම දවසකි. එදා මල් පිපුනේය. ඒ හාමදාම උත්කර්ෂයට නන්වන මල් නොවේ. මල් යායක් විචිත්‍රවත් කරන නැතක් මල් උත්කර්ෂයට නැන්වීමට පසුබිම් හදන මල් ගොමුව පිපුනේ එදාය. පසුගිය අඟහරුවාදා (29) ය. ඒ විවිත්රවත් මල් යාය විකසිත වුනේ සුගතදාස ක්‍රීඩාංගනයේ දීය.
බස්නාහිර පළාත් විශේස අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන්ගේ ක්‍රීඩා උළෙලේ අවසන් උත්කර්ෂවත් උළෙල එදාය. ශිෂ්ඨ සම්පන්න සමාජ විසින් දෙවැනි කොට සලකනු නොලබන, අපේ දරු සම්පතේ වෙනස් වූ හැඩයක් රූපණය කරන විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන්ගේ පිරුණු හිනාවෙන්, අව්‍යාජ සතුටින් සුගතදාස ක්‍රීඩාංගනය ඉතිරී යමින් තිබිණි.
බස්නාහිර පළාත තුළ විශේෂ පාසල් සහ විශේෂ ළමා සංවර්ධන ඒකක තුළ සංවර්ධනය වන විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරු දැරියන් වෙනුවෙන් ද්වී වාර්ෂිකව මෙම ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේය.
ක්‍රීඩා උළෙල පසුගිය බදාදා (29) පස්වරු 02ට ආරම්භ වූයේ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයාගේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ අධ්‍යාපන හා නොවිධිමත් අධ්‍යාපන අධ්යක්ෂ හා ප්‍රධාන කොමසාරිස් ( ගුරු අධ්‍යාපන) ගේ ප්‍රධානත්වයෙනි.
බස්නාහිර පළාතේ විශේෂ පාසල් 13, විශේෂ අධ්‍යාපන ළමා සංවර්ධන ඒකක 165 සහ අන්තර්කරණය වූ සිසුන් ඇතුළු විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් 1000ට අධික ප්‍රමාණයක් එම ක්‍රීඩා උළෙල නියෝජනය කළහ.
තරග ඉසව් 400ට ආසන්න ප්‍රමාණයක් මෙම ක්‍රීඩා උත්සවය තුළ පැවැත්විනි.
විශේෂ පාසල්හි ශූරතාව පිළියන්දල අධ්‍යාපන කලාපයත්, අනුශූරතාවය මීගමුව අධ්‍යාපන කලාපයත් දිනා ගත්තේය.
පාසල් ශූරතාව කැලණිය අධ්‍යාපන කලාපයත් අනුශූරතාවය හෝමාගම අධ්‍යාපන කලාපයත් දිනා ගනු ලැබුවේ.
එහෙත් ඒ ක්‍රීඩා ඉසව්ව ඉක්මවා ගිය ගැඹුරු මනෝ සමාජීය පරිවර්තනයක් මෙවැනි අවස්ථා හරහා නිර්මාණය වන බව ලියා තැබිය යුතුය. ඒ පරිවර්තනය විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සෑම දරු පැටියෙක්ම සමාජය තුළ රක්ෂා කරන, පිළිගැනීමක් ලැබෙන , නොවෙනස් සැලකීමක් ලැබෙන චින්තන පරිවර්තනයකට රැගෙන යන්නේය.
මෙවැනි ඉසව් රටේ සමස්ථ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරු ප්‍රජාවම ජය කනුව කරා රැගෙන යන බව අප විශ්වාස කරන්නේ එබැවිනි.