බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔන්න අපි දිනුම්!

by editor
අගෝස්තු 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජයග්‍රහණ බොහොමත්ම හිඟය. මේ වකවානුවේ මාලදිවයින පරාද කරනවා කියන්නේත් මහා උත්කර්ෂයකි. එවන් පසුබිමක අපි බංගලාදේශය පරදවා කඩුළු 05කින් දිනුම්ය. අසියානු කුසලාන තරගාවලියට අපි එන්නේ එහෙමය. ඒ ගැන කතා කිරීමත් ඒ ජයග්‍රහණය දැකීමත් සතුටුය.

ලකුණු 164ක  ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 39ක් තුළ දී එම ඉලක්කය සපුරා ගත්හ.

ඒ වනවිට කඩුළු 05ක් දැවී ගොස් තිබිණි.

බංගලාදේශ කණ්ඩායම ලකුණු 164කට දැවී යද්දීත් අප කීවේ ශ්‍රී ලංකාවට  මේ තරගය පහසු එකක් නොවනු ඇති බවය. පළමු පන්දු ඕවර කීපයේ බංගලාදේශ කණ්ඩායම ඒ බව සනාථ කළහ. පැතුම් නිස්සංක ලකුණු 14කට දැවී ගියේය. ඒ ෂොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවකට කඩුළු රකින මුෂ්ෆිකර් රහීම් අතට උඩ පන්දුවක් ලබා දීමෙනි.

දිමුත් කරුණාරත්න තමන් මුහුණ දුන් තුන් වැනි පන්දුවේ දී ලකුණු එකකට තස්කින් අහමඩ් ගේ පන්දුවකට කඩුල්ල කුඩු කරගත්තේය. ලකුණු 05ක් ලබා තිබිය දී කුසල් මෙන්ඩිස් ගේ මැද ඉන්න බිඳ දමමින් බංගලාදේශ නායක ශකීබ් අල් හසන් පන්දුව යොමු කළේය. කුසල් ලකුණු 05කි. කඩුළු 03ක් බිඳ වැටෙන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ලකුණු  43කි.  එහෙත් තුන්වන කඩුල්ල වෙනුවෙන් පැමිණි සධීර සමරවික්‍රම පන්දු 77ක දී සංයමයකින් යුතු ලකුණු 54ක් රැස් කළේය. ඔහු හතරේ පහර 06ක් එල්ල කළේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

සධීර සමරවික්‍රම

කණ්ඩායමේ බලාපොරොත්තුවක් වූ ධනංජය ද සිල්වා මැද පෙළ ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන් යොමු කළද ඔහු ලකුණු 02කට දැවී යන විට චරිත් අසලංක ඒ බර සිය උරමතට රැගෙන නායක දසුන් ශානක සමග තරගය ජයග්‍රහණය කරා ගෙන ගියේය. චරිත් පන්දු 92ක් තුළ  හතරේ පහර පහක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 62ක් නොදැවී රැස් කළේය.

 

චරිත් අසලංක

ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු ඕවර 39ක දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.  බංගලාදේශය වෙනුවෙන් ශකීබ් අල් හසන් ලකුණු 29ට කඩුළු 02ක්, ටස්කින් අහමඩ්, ෂොරිෆුල් ඉස්ලාම්, මේදි හසන් කඩුල්ල බැගින් ලබා ගත්හ.

බංගලාදේශ ඉනිමේ දී  කාසියේ වාසිය දිනූ බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 50 ක්‍රීඩා කළේ නැත. පන්දු ඕවර 42.4 ක දී  ලකුණු 164කට සියලු දෙනා දැවී ගියහ.

බංගාලදේශය වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ  නජ්මුල් හොසයින් ෂන්ටො   පන්දු 122ක දී ලකුණු 89ක් ලැබුවේය. ඊට හතරේ පහර 07ක් අතුළත් වූයේය.

ටොවිඩ් හ්‍රිඩොයි පන්දු 41ක දී ලකුණු 20ක් ද මොහොමඩ් නයිම් පන්දු 23ක දී ලකුණු 16ක් ද ලැබුවේය. අනෙක් කිසිවෙක්  ලකුණු 06 සීමාව පසු කළේ නැත.

විශිෂ්ට පන්දු යැවීමක යෙදුන මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 8ක දී ලකුණු 19ට කඩුළු 02ක් ද, මතීෂ පතිරණ ලකුණු 32ට කඩුළු 04ක් ද ලැබුවේය.

ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, දසුන් ශානක කඩුල්ල බැගින් බිඳ හෙලුවේය.

තරගයේ වීරයා බංගලාදේශ ඉනිම බිඳ දැමූ මතීෂ පතිරණය .

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආයෝජකයින්ට ඇඳගෙන රටම වනසන චීන අපරාධ මාෆියාව!

Next Post

අද රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩිවෙයි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.