අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
- ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13 කින් ඉහළ ගොස් ඇත. නව මිල රුපියල් 361 ක්.
- ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 42 කින් ඉහළ ගොස් ඇත. නව මිල රුපියල් 417 යි
- ඔටෝ ඩීසල් මිල රුපියල් 35කින් ඉහළ ගොස් ඇත. නව මිල රු.341 කි.
- සුපර් ඩීසල් මිල රුපියල් 01 ඉහළ ගොස් තිබේ. නව මිල රුපියල් 359 කි.
- භූමිතෙල් රුපියල් 05 කින් වැඩි වී ඇ.ත. නව මිල රුපියල් 231 කි.
වැඩිවන මිල ගණන් පහත නිවේදනයේ දැක්වේ.
ඛණිජතෙල් නීතිගත සංස්ථාව මෙසේ මිල ගණන් සංශෝධනය කරන්නේ ඊයේ (30) සිට මෙහෙයුම් ඇරඹූ සයිනොපෙක් සමාගම අද පැවති ඉන්ධන මිල ගණන් අනුව වෙළෙඳපලේ මිලට වඩා රුපියල් 03ක මිල අඩුවට ඉන්ධන අලෙවිය සිදුකරද්දී ය.