ආපදා මුදාගැනීමේ මෙහෙයුම් කටයුතු අතරදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (30) පස්වරුවේ අනතුරට ලක්විය.
ආරක්ෂක ලේකම් එයාවයිර්ස් මාෂල් සම්පත් තුයියකොන්තා උපුටා දක්වමින් සිරස වාර්තා කළේ නියමුවරයා ඇතුළු සිවු දෙනෙක් ගමන් ගත් යානය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහයනය කරමින් සිටිය දී හදිසි ගොඩබෑමකට ලක් කළ බවය.
වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ ආපදා සහන කටයුතු සඳහා මෙම හෙළිකොප්ටර් යානය යොදවා තිබිණි.







