ශ්‍රියානි විජේසිංහ –
ආණ්ඩුව ලබන වසරේදී විදුලිබල මණ්ඩලය කෑලි 12ට කඩා විදේශීය සමාගම්වලට විකුණූ පසුව ජනාවට මුහුණ දීමට සිදුවන අවාසනාවන්ත සිදුවීම් ස්භාවධර්මය විසින් කල් ඇතිව ඊයේ ජනතාව පෙන්වා දුන් බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පැවසුවේය.
දිවයිනට අදුරේ තබමින් ඊයේ සිදුවූ විදුලි බිදවැටීම් වෘත්තිය සමිතිවල ක්‍රියාමාර්ගයක් නොවන බව විදුලිබල මණ්ඩලයේ සමස්ත වෘත්තීය සමිති සහතික වන බවද ඔහු අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
ඊයේ විදුලිය බිදවැටීමහේතුවෙන් ජනතාවට විදීමට සිදුවූ අපහසුතාවන්ට වන්දියක් ලෙස මේ මස විදුලිබිලෙන් සියයට 25ක් අඩුකරන්නැයිද රන්ජන් ජයලාල් මෙහිදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
ඉනිමග කරේ තියාගෙන, හෙල්මටයක් හා ජැකට් එකක් පැළද අනෝරා වැහි නොතකා විදුලි ලබාදුන්නේ තමා යැයි ජනතාවට හැඟෙන ලෙස කංචන වහසිබස් දොඩන මුත් සත්‍ය සිදුවීම වූයේ විසන්ධි වූ විදුලිය නැවත ලබා දීම සඳහා විදුලිය බිදවැටුණු මොහොතේ සිට පද්ධතිය යථා තත්ත්වයට පත්කීරීම වෙනුවෙන් විදුලි ඉංජිනේරුවන් හා සේවකයින් දැඩි උවමනාවෙන් කළ කැපවීම නිසාය යැයිද හෙතෙම පෙන්වාදේ.
මේ වන විට පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශවල ජලය පිරී ඉතිරි යන නමුත් ඒවායෙන් විදුලිය උත්පාදනය කර තවත් ජලය පිටාට ගලමින් පැවතියද එම ජලධාරාව විදුලිය බවට පත් කරගැනීමට ඇති අවකාශය මේ රජය විසින් මුලින්ම නැතිකරගත් බව ඔහු පැවසුවේය..
ලබන වසරේදී විදුලි බිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව ඇමති කංචන වහසි බස් දෙඩුවද ලබන වසර අවසන් වීමට පෙර කංචන සමගම සමස්ත ආණ්ඩුවමට විසන්ධි කිරිමට රටේ සමස්ත වෘත්තිය සමිති සහ ජනතාව කටයුතු කරන බව ආණ්ඩුව තරයේ මතක තබා ගන්නැද රන්ජන් ජයලාල් මෙහිදී පවසා සිටියේය.