හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ සේවය කළ මුරකරු ඝාතනය කර පල්ලිය තුළ තිබු පිං කැටය කඩා මුදල් රැගෙන ගිය සැකකරු ඉකුත් (08) දින සිකුරාදා යාඥාවෙන් පසු පල්ලියට පැමිණ පල්ලිය තුළ සැරිසරන අයුරු ආරක්ෂිත කැමරා කිහිපයකම සටහන් වි ඇතැයි ද එම දර්ශන ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
හැටන් ජුම්මා පල්ලියේ මුරකරු වශයෙන් සේවය කරමින් සිටි එම්.ඊබ්‍රහිම් (67) නැමැති සිව්දරු පියා ඊයේ (09) අළුයම 01 ට පමණ මුරකරු විවේක ගන්නා කාමරය තුළදි යම් දෙයකින් හිසට පහර දි ඝාතනය කර තිබිණි. අනතුරව ඝාතකයා පල්ලිය තුළ තිබු පිං කැටය කඩා මුදල් රැගෙන ගොස් ඇත.
මුරකරු ඝාතනය කිරිමට ප්‍රථම පෙරේදා (08) දින පල්ලිය වෙත පැමිණි සැකකරු පල්ලිය තුළ සිටි කිසිවෙකුට සැක නොසිතන සේ පල්ලියේ ස්ථාන කිහිපයකම සැරිසරා පල්ලියේ මුළුතැන්ගෙයි තිබු භාණ්ඩ කිහිපයක් රැගෙන බැගය තුළ දමාගෙන යන අයුරු ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබුණි.
පහර දිමෙන් ජිවිතක්ෂයට පත් මුරකරුගේ පශ්චාත් මරණ පරික්ෂණය අද(10) දින දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කළේය. .
ඝාතකයා සොයා අංශ කිහිපයක් ඔස්සේ හැටන් පොලිසිය විමර්ෂන ආරම්භ කර ඇත.