සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව මහ මෝල්ලුන්ට මහවැලි ගොවීන් බිලිදෙන හැටි ගොවි සංවිධාන රටට කියති!

by editor
සැප්තැම්බර් 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  – 

වී ගොවීන්ගේ   ගැටලු රජය විසින් නොවිසඳන්නේ නම් ලබන මහ කන්නයේ  වී වගා කරන්නේ තමන්ගේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට  පමණක් බව ගොවි සංවිධාන රජයට  දන්වා සිටී.

ඉතිහාසය පුරාම බලයට පැමිණි  කෘෂිකර්ම ඇමතිවරුන් මවන සුරංගනා කථා හේතුවෙන් අන්ත අසරණවී සිටින ගොවීන් මේ අතිශය බිහිසුනු ආර්ථික අර්බුදය හමුවේ  මහ මෝල්කරුවන්ගේ වී මාෆියාවට සූරාකන්නට ආණ්ඩුව විසින් ඉඩ දී ඇති ආකාරය ඉතාම වේදනාකාරී බවද ඔවුහු කියති.

මෙවර යල කන්නයේ පොලොන්නරුව, මහවැලි බී කලාපය ඇතුළු අනෙකුත් වී වගාකරන ප්‍රදේශවලින රජය වී මිලදී ගැනීමට කටයුතු නොකරන්නේ පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් සමග ඇතිකරගත් එකඟතාවයක්   නිසා දැයි සාධාරණ සැකයක් මතුවන බව ද ඔවුහු පවසති.

මේ බව ප්‍රකාශ වුනේ   මහවැලි බී කලාපීය ගොවි අයිතීන් සුරැකීමේ ඒකාබද්ධ ගොවි සංවිධානය  අද (25) දහවල් පොලොන්නරුව අරලගංවිල විදුමිණ පිරිවෙනෙහි මාධ්‍ය සාකච්ඡාවක දීය.

වී අලෙවි මණ්ඩලය විසින් යල කන්නයේ ගොවින්ගෙන් වී ඇටයක්වත් නොගැනීම නිසා පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් විසින් තමන් ධරුණු ලෙස සූරා කන බව  එහිදී ඔවුහු කීහ.,

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මහවැලි බී කලාපය සඳහා එළඹෙන මහ කන්නයට  ජලය නිකුත් කිරීම ඔක්තෝබර් මස විසිවෙනිදා සිදුවන බැවින්  ඊට පෙර කෘෂිකාර්මික යෙදවුම් මිල   අඩු කර  වගා කටයුතු සිදු කිරීම සඳහා   ඉන්ධන ලබාගැනීමේ  වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන්නේ නම්  මහ කන්නයේ තම පවුලේ ආහාරයට පමණක් වී වගා කිරීමට තම ප්‍රාදේශීය ගොවි සංවිධාන    තීරණය කර තිබෙන  බව ඔවුහු රජයට දැන්වූහ.

මහවැලි බී කලාපයේ ව්‍යාපාර කමිටුවේ උප සභාපති ජී.ඩබ්ලිව්.තිලකරත්න බණ්ඩාර   මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබූ අතර මෙම අවස්ථාවට මහවැලි බී කලාපය කොට්ටාස අටෙහි ගොවි නියෝජිතයින් දහයකට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටියහ.

මෙම මාධ්‍යය සාකච්ඡාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මහවැලි බී කලාපයේ  ව්‍යාපාර කමිටුවේ උප සභාපති ජී. ඩබ්ලිව්.  තිලකරත්න බණ්ඩාර  මෙසේද කීවේය.

“ රජය වගේම කෘෂිකර්ම ඇමතිවරු වගකීම් විරහිත ප්‍රකාශ නිකුත් කරන නිසා ගොවියා කන්න ගානක් අමාරුවේ වැටුණා. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස ගොවියා සතු තිබූ සියලු සේසත   උකස් කරල ඉවරයි දැන් ඒවා  සින්න වෙන්නත් යනවා. “

“බලධාරීන් අපේ ගම්වලට  ගිහිල්ලා බලන්න… අපේ ගෙවිලියන්ගේ, දියණියන්ගේ, සියලුම රත්තරන් බඩු බැංකුවල උකස් කරලා. ගොවියගෙ තියෙන හැම චංචල වත්කමක්ම  උකස් මධ්‍යස්ථානවල. ඒකයි ඇත්තම කතාව. “

“අපිට රසායනික පොහොර ලැබුණේ මිටි දෙකයි. ඒකත් ලැබුණේ ප්‍රමාද වෙලා. වෙනත් කන්න වලදී අපි අක්කරයකින් වී කිලෝ පන්, හයදහසක් ගන්නවා, මේ සැරේ ඒ අස්වනු අඩුවෙලා. වී කිලෝ 3000 ක් විතර තමයි අපිට ලැබෙන්නෙ. “

“ඒ අස්වැන්නත් රජයෙන් ගන්න නෑ. ගබඩා වහලා  පෞද්ගලික       වෙළඳුන් ඇවිල්ලා රුපියල් අනූවේ ඉඳලා සිය දක්වා තමයි වී කිලෝවක් ගන්නේ. අපි කියන්නේ මේක රජයේත් පෞද්ගලික වෙළෙන්දත් එකතුවෙලා ගොවියා අමාරුවේ දාන්න කරපු වැඩක් කියලා.“

“පොළොන්නරුවෙ මහා මෝල්ලු තුන්දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් රජයේ ඇමතිවරයෙක්. එයත් ගොවියා .වී ටික සූරා කනවා. අනිත් දෙන්නා මහා පරිමාණ වී මෝල්ලු දෙන්නෙක්. ඒ දෙන්නත් ගම්බිම්වලට තරගෙට ඇවිල්ලා අපේ වී තුට්ටු දෙකට ගන්නවා. “

“මෙහෙම ගියොත් අපිට යන එන මං නෑ . ඒ  නිසා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නෙ ඉතා ඉක්මනින් මේ සඳහා වැඩපිළිවෙළක් සකසා අඩුම තරමේ වී කිලෝ එකක් රුපියල් 150කට ලබාගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්න කියලා“.

මෙහිදී අදහස් දැක්වූ  අරලගංවිල දම්මින්න කොට්ටාශයේ උප සභාපති ඊ.ජී ධනවර්ධන බණ්ඩාර ඇතුළු  ගොවි සංවිධාන නියෝජිතයන් කිහිප දෙනකුම අදහස් දැක්වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝඨාගේ පරිප්පු සැමන් පොරොන්දුවෙන් භාණ්ඩාගරයට වූ පාඩුව කෝටි 600ක්…

Next Post

සින්ඩි මැකේන් දිවයිනට පැමිණෙයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.