කීර්ති ප්‍රනාන්දු –
රෝමයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිත සින්ඩි මැකේන් සිව් දින නිල සංචාරයක් සදහා අද (25) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය .
එම සංවිධානයේ එක් උසස් නිලධාරීවරයෙක් ද ඇය සමග පැමිණ සිටියේය.
ඔවුන් අද (25) සවස 04.30 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .
මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .
මෙම විදේශ දූත පිරිස එළඹෙන 09/28 දින තෙක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් සංචාරය කිරීමට නියමිතය .
මෙම අවස්ථාව සදහා මාධ්‍ය ආවරණය කටයුතු කිරීමට අවසරය හිමි වී නොතිබුණි .







