ආණ්ඩුව ව්‍යවස්ථා ගැටයකට සූදානම්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ නිව්ස්ෆස්ට් යූ ටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
”ජනාධිපති ඡන්දයට අඩු වශයෙන් අවුරුදු දෙක හමාරක් තියෙනවා. දැන් ආණ්ඩුව අලුතින් ව්‍යයවස්ථා සංශෝධනයක් ගේනවා කියලා පත්තරවල තිබුණා. මට පේන විදිහට ඊළඟ බලය සදහා ව්‍යවස්ථා ගැටයක් ගහන්න හදන්නේ කියලා මට පේනවා. ඒ නිසා අපිට ඉදිරියේදී එන ජාතික මැතිවරණය බොහෝ විට පාර්ලිමේන්තු මැතිවරණයක් කියලයි මම හිතන්නේ”
ඔහු පැවසුවේය.