නව සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මෙතෙක් පැවති අදහස ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැබිනට් ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු , රාජ්‍ය ඇමතිවරු, සහ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත සාමාජිකයන් 22ක කණ්ඩායමක් ආණ්ඩුපක්ෂයෙන් ස්වාධීන වීමට සාකච්ඡා පවත්වමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
කිසිවකට ඇහුම්කන් නොදෙන, අදහස් නොවිමසන ආණ්ඩුවේ මුරණ්ඩු පිළිවෙත හමුවේ දැඩි ලෙස කලකිරී සිටින බව පැවසෙන මෙම පිරිසට පොහොට්ටුවේ සාමාජිකයන් පිරිසක් ද ඇතුළත් බව වාර්තා වේ.
මෙම කණ්ඩායම ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය සම්බන්ධව තවම නිශ්චිත තීරණයක් නැති බව පැවසේය.
මේ පිරිස් මේ වනවිට විපක්ෂයේ පක්ෂ සමගත් වෙන වෙනම සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද දැනගන්නට ඇත.