බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රභූවරයෙකුගෙන් “එපොයින්මන්ට් එකක්“ ගන්න ඥානාක්කාගේ දේවාලයට යන රටේ දළ කාරයෝ!!

.

by editor
මාර්තු 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රගීත් සම්පත් කරුණාතිලක –

  • ඥානාගේ හෝටලය අනවසරයි–මිනුම්දෝරු දෙපාර්තමේන්තුව සනාථ කරයි.

  • වැව අඩි හතරක් පමණ පුරවලා පිහිනුම් තටාකය වැවේ හදලා

  • කෝටි ගණන් වියදම් කර තෙත් බිමක සඳුන්පැල 1000 සිටවූ   සදුන් උයන ව්‍යාපෘතියත් ඥානක්කාගේ උපදෙසක් දැයි සැකයක්…

  • ලංකාවටම සිමෙන්ති නැති වෙද්දි ඥානක්කා හෝටලයේ වැඩට සිමෙන්ති ලැබිලා.

  • ඥානාගේ දේවාලයට එන්නේ නැත්තේ නැව් සහ ප්ලෙන් විතරයි

ඉහල පෙළේ දේශපාලන හයියක් ඇති ඥානක්කාගේ සාත්තර හරි නම් මේ රටේ ප්‍රශ්න බොහෝමයක් විසිදී තිබිය යුතු බව අනුරාධපුර ජනතාව පෙන්වා දෙති. ඔවුන් පෙන්වා දෙන පරිදි තනි තනි පුද්ගලයින්ගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ඥානක්කා සාත්තර බලෙන් මේ රටේ ප්‍රශ්න විසදිය යුතු බවය.

රටට ඩොලර් ලැබීම තෙල් පෝලීම්, ගෑස් පෝලිම්,කිරිපිටි පෝලිම් නැතිවීම,මිනිස්සුන්ට තුන්වේල කන්න ලැබීමට හැකිවීම මේ වෙන විට  ඥානක්කා   ඉදිරියේ විසදීමට ඇති අභියෝගය. කාලි මෑණියන්ගේ පිහිටෙන් ඥානක්කාගේ සාස්තර බලයෙන්  මෙම ගැටලු වලට  විසදුම් ලැබේ නම් මේ වෙලාවේ ලොකු අස්වැසිල්ලක් බව අනුරාධපුර ජනතාව පෙන්වා දෙති.

නමුත් එසේ වෙන්නේ නැත. ඒ ඥානක්කා සාස්තර මේ වෙන විට බොරු බව පෙනී යන බව අනුරාධපුර ජනතාව පෙන්වා දෙති. ලොකු ජන බලයක්, සමාජ පිළිගැනීමක් ඇති උගත් බුද්ධිමත් අය ඥානක්කා පසු පස ගොස් අදෘශ්‍යමාන බලවේගවල  හසු වී ඇත. ඇය පසු පස යන අයට අද වුණ සෙතක් නැත. සිදු වූයේ සමාජ ගැරහුමක් මෙන්ම ඔවුන්ට තිබූ ප්‍රශ්න වැඩි වීම පමණි. එහෙත් ඒ බව තේරුම් නොගන්නා මේ අය තව තවත් ඥානක්කාව විශ්වාස කරති.   නමුත් ඥානක්කා තම අදශ්‍යමාන බලවේග පෙරට දමා ගෙන ඉන් උපරිම ප්‍රයෝජනය ගන්නා බවක් පෙනෙන බව අනුරාධපුර ජනතාව පෙන්වා දෙති.

  • ඥානක්කාගේ දෙපා මුල වැඳ වැටී ප්‍රභූවරු ඉල්ලන දේ

ඥානක්කා සාස්තර කියන්නේ වසර 20ක පමණ සිටය. පසුගිය සතියේ පළ වු ලිපියත් සමග එම සාත්තර අසා තම බලාපොරොත්තු වු ඉටු වූ සහ ඉටු නොවු කිහිප දෙනෙකු අප වෙත කතා කළේය. ඔවුන් පවසන පරිදි සමහරකගේ බලාපොරොත්තු  ඉටු වී ඇත. එය ඉටු වූ පසු දේවාලයට වාරයකට දෙකකට වඩා ඔවුන් ගොස් නැත.

නමුත් සිය බලාපොරොත්තු ඉටු නොවු අය එක් දිනකින් පසු ඥානක්කාගේ දේවාලය පැත්ත පලාතේ ගොස් නැත. එසේ වුවත් සෑම සති අන්තයකම පාහේ ඥානක්කාගේ දේවාලයට යන ප්‍රභූවරු මේ තරම් ඥානක්කාගේ දේවාලයෙන් ඉල්ලන්නේ මොනවාද කියා දන්නේ නැති බව දේවාලයට යන අයට පවා ප්‍රශ්නයකි. ප්‍රභූ පිරිස් සෑම සති අන්තයකම පාහේ මේ දේවාලයට ගොස් බාරහාර වෙනුවෙන් කිරි ආහාර පූජා තබන බව අනුරාධපුර ජනතාව ද අපට කීහ. මෙසේ යන අය ඥානක්කාගේ දෙපා මුල වැද වැටි ඇයව මුලින් හමු වී පසුව අටමස්ථානය වැදීමට යන බව නම් අනුරාධපුර ජනතාවට රහසක් නොවේ.

  • ඥානාක්කා පටන් ගත්තු අලුත් වැඩේ

කෙසේ වෙතත් මේ වෙන විට ඥානක්කා සාත්තර කීම අඩු කර අලුත් වැඩක්ද පටන් ගෙන ඇති බවට ද වාර්තා වෙයි. මේ බව අපට කීවේ මෙරට ප්‍රසිද්ධ හිමි නමකි. උන්වහන්සේ පෙන්වා දෙන අන්දමට ඇය හමුවීමට සමහර පුද්ගලයින් එන්නේ සාත්තර ඇසීමට නොවෙයිලු. මේ අය එන්නේ ඇයව බැලීමට එන ප්‍රභූවරයෙකු හමුවීමටලු. මේ ප්‍රභූවරයා හමු වීමට බැරි ව්‍යාපාරිකයින් ඥානක්කා හමු වී  ඔහු හමුවීමට අවස්ථාවක් උදා කර ගන්නවලු. මෙලෙස වෙලාවක් වෙන කර ගන්නා ඔවුන් හා ඥානක්කා ඉහළ සැලකිලි ලබන   බව ද උන්වහන්සේ පෙන්වා දෙති.

මේ අතර සිංගප්පූරුවේ දි ලබාගත් සේවාවක් වෙනුවෙන් ගෙවීමට ඩොලර් නැතිව සම්භාහන මධ්‍යස්ථානයක් ඉදිරිපිට දණ ගසා සිටි බව කියන කොළඹ  දිස්ත්‍රික්කයේ හිටපු  ඇමැති කෙනෙකු ද ඥානක්කා හමුවීමට නිතරම යයි. මෙසේ ගිය ගමනේදි  ප්‍රභූවරයෙකු හමු වී ඇති බව අනුරාධපුර ජනතාවට නම් රහසක් නොවේ. ඥානක්කාගේ දේවාලයේදි ප්‍රභූවරයා හමු වූ පසු දේශපාලන තරහ මරහා අමතක කොට සුහද කතා බහක නිරත වී එකට ආහාර ද ගෙන ඇති බවද දැනගන්නට තිබේ. එසේම තවත් දේශපාලකයෙකු තමන්ට තිබූ  ඇමතිකම වෙනුවට වෙනත් ඇමැතිකමක් ලැබුණු පසු ඒ  ඇමතිකමට  වඩා හොඳ ඇමතිකමක් ලබා දෙන ලෙස ඉල්ලා ඥානක්කා හමු වී ඇති බව වාර්තාවේ.  ඥානක්කා හමු වූ පසු වැඩේ හරි ගිය නිසා පසුගිය දවසක එම වැඩේ වෙනුවෙන් බාරය ඔප්පු කිරීමට එම දේශපාලකයා පැමිණ සිටි බව ද වාර්තා වෙයි. එම වැඩේ පසුගියදා සාර්ථක වූ පසු ඥානක්කාගේ දේවාලයට ගොස් බාරහාර ඔප්පු කිරීමට ද එම දේශපාලකයා කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඥානක්කාගේ පුතා රට යාමට පෙර  දඩබ්බර අයෙකු බව  ඔහූගේම හිතවතෙක් ද අපට කීය. ඔහුට ට්‍රේල් වර්ගයේ යතුරු පැදියක් එකල  තිබී  ඇත. විවාහයෙන් පසු විදෙස් ගත වු ඔහු පසුගිය දා ලංකාවට පැමිණියේය. ඔහු සමහර යහලුවන්ට කියා ඇත්තේ ප්‍රභූවරයෙකුගේ  ඥාතියෙකුගේ මළ ගෙදරට සහභාගී වීම සඳහා ලංකාවට පැමිණි බවය. නමුත් අප වෙත තොරතුරු ලබා දුන් අයෙකු කියා සිටියේ ඥානක්කාගේ ව්‍යාපාර බලාගැනීම සඳහා ලංකාවට පැමිණි බවය. ඒ බව ඥානක්කාගේ බෑණා වන පන්තක ෆනැන්ඩු ද සනාථ කළේය. ඒ නුවර වැව් රක්ෂිතයේ හදා ඇති හෝටලය ගැන විමසූ අවස්ථාවේදීය.

“මගෙන් ඔය ගැන අහන්න එපා. ව්‍යාපාර මස්සිනාගේ… එයාගෙන් අහන්න.ඒවා බලන්නේ එයා. මම ඒ පැත්‍ත පළාතේ යන්නේ නෑ.“ පන්තක කීවේ එලෙසය. සිය මස්සිනා එංගලන්තයේ සිට පැමිණ ඇති බව ද පන්තක  මහතා කියා සිටියේය.

හෝටලයේ ඉදිකිරීම අනවසර බව තහවුරු කළ පිඹුරේ පිටපතක්…
  • තෙත් බිමක හදපු  සඳුන් උයන

වියලි කලාපීය දේශගුණය වෙනුවෙන් ස්වභාවිකව මූල පද්ධතියක් සහිතව සැකසී ඇති සඳුන් ගස් වැවීමක් පසුගිය කාලයේ සිදු විය. ඒ ශ්‍රි ජයවර්ධනපුර පාර්ලිමේන්තුවට නොදුරු දියවන්නා තෙත් බිම් කේන්ද්‍ර කර ගනිමිනි. මෙලෙස ඇති කළේ ජාතික සදුන් උයනයි. පරිසර හිතකාමී  නගර අලංකාර රුක් රෝපන ව්‍යාපෘතියක් ලෙස ඇතිකළ  මෙ ව්‍යාපෘතිය අප අගය කළ යුතුය.  නමුත් මෙය ද ඥානක්කාගේ උපදෙස් මත ඉදි වූවක් බව සමාජ මාධ්‍යයේ ද  මතයක් තිබේ.

අප මේ ගැන පරිසරවේදීන්ගෙන් සහ නාගරික සංවර්ධන අධිකාරියෙන් විමසීමක් කළේ එහෙයිනි.

  • වියලි කලාපයේ හැදෙන හඳුන් ශාඛ  තෙත් බිමක සිටුවීම ගැටලුවක් – පරිසරවේදී සජීව චාමිකර

මේ ගැන අදහස් දක්වන පරිසරවේදි සජීව චාමිකර පෙන්වා දෙන්නේ ලහි ලහියේ තෙත් බිම් කලාපයක සඳුන් පැළ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ගැටලුවක් බවයි.

“මේ ප්‍රදේශයට ලැබෙන වර්ෂාතනයෙන් අතිරික්තයෙන් වැඩි ජල ප්‍රමාණයක් මේ ස්ථානයේ රඳවා ගන්නවා. රොන් මඩ රදවා ගැනීම, ජලය පෙරීම

ඇතුළු කාර්‍යයන් සිදු වෙනවා. “කෙටියෙන්ම කිව්වොත් තෙත් බිමක ඇති ප්‍රධාන ලක්ෂණ ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ  තෙත් බිම් අභය භුමි කලාපයේ දැකිය හැකි බව සජීව  චාමිකර මහතා  පෙන්වා දෙයි. එසේ තිබූ භූමියක් කාලයක සිට ගොඩ කර සංවර්ධනය කොට දැන් සඳුන් පැළ ද සිටුවා ඇති බව සජීව මහතා පවසයි. මෙම තෙත් බිම් කලාපයේ හඳුන් දිවියා මෙන්ම පක්ෂි විශේෂද දැකිය හැකි විය. සංචාරක පක්ෂීන් නිතර ගැවසෙන තැනක් විය. නමුත් තෙත් බිම ගොඩ කිරිමෙන් එම පරිසර පද්ධතිය විනාශ වී ඇති බව සජීව මහතා පෙන්වා දෙයි. ඉන් පසු  සදුන් දිවියා මිය ගියේය. ඒ ඌගේ ජීවන රටාවට එරෙහිව ඇති වූ සංසිද්ධි නිසාය. අනික් පක්ෂි විශේෂ අද දක්නට නැති බවද සජීව චාමිකර මහතා පෙන්වා දෙයි.  ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ අභය භූමි කලාපයට අයත් මෙම තෙත් බිම් කලාපය අද සංවර්ධන කටයුතු නිසා විනාශ වී ඇති බවද සජිව චාමිකර  මහතා පෙන්වා දෙයි.

  • කාගේවත් කීමට සදුන් පැළ සිටුවා නෑ– නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් උදය නානායක්කාර

අපි මේ ගැන නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතාගෙන්ද විමසීමක් කළෙමු. ලහි ලහියේ තෙත් බිම් කලාපයක සඳුන් ගස් ව්‍යාපෘතියක් ඇති කළේ ඥානක්කාගේ  ඉල්ලීමකට ද කියා අපි මුලින්ම විමසා සිටියෙමු. එහිදි සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙම ඉඩම එක් එක් අමාත්‍යාංශය වලින් දිගින් දිගටම පවරා දෙන ලෙස ඉල්ලීම් කර තිබූ බවය. එම ආයතනවලට දෙනවාට වඩා පාරිසරික අතින් වැදගත් තැනක් වෙන්න සදුන් උයන ව්‍යාපෘතිය ආරම්භ කළ බව සභාපතිවරයා පෙන්වා දෙයි. එසේම ඒ ප්‍රදේශය ලස්සන වෙන්න මේ වැඩේ පටන් ගත් බවද සභාපතිතුමා  පෙන්වා දෙයි. මෙම භූමියේ අක්කර නවයක් ඇති බවත් සඳුන් පැළ සිටුවීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 300කට ආසන්න මුදලක් වැය වූ බව සභාපතිතුමා ද තහවුරු කරයි. එසේම මෙම ව්‍යාපෘතිය කාගේවත් ඉල්ලීමට කළ එකක් නොවන බවද සභාපතිතුමා  වැඩි දුරටත් කීය.

ජාතික සඳුන් උයන
  • පන්සල රැකගන්න සිවිල් ආරක්ෂක භටයින් දෙන්නෙ නෑ. ඥානක්කගෙ හෝටලය හදන්න හමුදාව දෙන්න පුලුවන්… තිවංකචේතිය රජමහ විහාරයේ විහාරාධිපති රත්ගම සමිත හිමි

“මම පන්සල් භූමිය සුද්ද කරන්න සිවිල් ආරක්ෂක නිලධාරීන් දෙන්නෙක් ඉල්ලුවම නිලධාරින් දෙන්න බෑ කිව්වා. නමුත් ඥානක්කාගේ  හෝටලය හදන්න හමුදා නිලධාරීන් ඕන තරම් දුන්නා. හෝටලය ආරක්ෂා කරන්න හමුදා නිලධාරීන් යොදවලා. මේවා අනුරාධපුර සෑම කෙනෙක්ම දන්නවා. පේන්න තියෙන දේවල්…“ යැයි නුවර වැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති තිවංකචේතිය රජමහ විහාරයේ විහාරාධිපති රත්ගම සමිත හිමියෝ පෙන්වාදෙති.

“මේ අය වැව ගොඩ කිරීමේ වැඩේ නතර කරලා නෑ. යන විදියට අධිකරණ ක්‍රියාමාර්ගයකට ගිහින් තමයි නතර කරන්න වෙන්නේ.“  යැයි  රත්ගම සමිත හිමියෝ පවසති.

“මහත්තයෝ…  පහුගිය කාලයේ රටේම සිමෙන්ති හිගයක් තිබ්බා. නමුත් ඥානක්කාගෙ හෝටලය හදන්න ඕන තරම් සිමෙන්ති එනවලු.  .මේ පැත්තට ආවොත් ඕන කෙනෙකුට ඒවා බලා ගන්න පුලුවන්.  ඥානක්කාගේ දේවාලයට සහ හෝටලයට එන්නේ නැත්තේ නැව් සහ ප්ලේන් විතරලු. ඒවා ඇතුළට එම වාහන වලට එන්න බැරි නිසාලු. එහෙම නැත්නම් හැම වාහනයක්ම එනවා “යැයි රත්ගම සමිත හිමියෝ පවසති.

“වැව් රක්ෂිතය ආසන්නයේ ධිවර කර්මාන්තයේ යෙදුන අයට එම කටයුතු අද කරන්න බැහැ. මෙයා විතරක් නෙමෙයි…  රාජ්‍ය සහ කැබිනට් ඇමැතිවරුත් වැව් රක්ෂිතය අල්ලලා… කිරි ගොවියට කිරි හරක් දාගන්න විදියක් නෑ. මේ අයට නී තියක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. නීති හදන තැන අය  සහ නීතිය කරන්න උපදෙස් දෙන අයත් මෙහෙට එනවා. ඒ අය මේවා දැකලා සද්ද නැතිව ඉන්නවා. අපට මේවා දැක දැක සද්ද නැතිව ඉන්න බෑ .නිලධාරීන් නීතිය කරන්නේ නැත්නම් අපි අධිකරණයට යනවා“ යැයි රත්ගම සමිත හිමියෝ පවසති.

  • හෝටල් හදලා නුවර වැව විනාශ කරලා – ලියාපදිංචි බලයලත් මිනුම්දෝරු – අජිත් මුණසිංහ

අප මේ ගැන අනුරාධපුර ලියාපදිංචි බලයලත් මිනුම්දෝරු සහ උසාවි කොමසාරිස් එම්.ඒ.අජිත් මුණසිංහ මහතාගෙන්ද විමසා සිටියෙමු. එහිදි මුණසිංහ මහතා කියා සිටියේ මැති ඇමැතිවරු ව්‍යාපාරිකයින් මේ වෙන විට නුවර වැව වටේ හෝටල් හදා විනාශ කොට ඇති බවය. ඒ සදහා සියලු සාක්ෂි මිනුම්දෝරු දෙපාර්තමේන්තුව සතු බවත් ඉදිරියේදි මේ සෑම කෙනෙකුටම විරුද්ධ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවය.

ඥානක්කාගේ හෝටලය සාදා ඇති ඉඩම මිලදි ගෙන ඇත්තේ මීට වසර 4-5කට පෙරය. එම ඉඩම ජයභූමි පත්‍රයේ පැවරීමක් ලෙස මිලදි ගෙන ඇති බව අජිත් මුණසිංහ මහතාද සදහන් කරයි. එලෙස මිලදි ගත් ඉඩමේ නිවසක් තිබූ බවත් එය අද පවතින නිවසට තරමක් වෙනස් බවද මුණසිංහ මහතා පෙන්වා දෙයි. මෙම ඉඩම ඥානක්කාට  පවරා දීමට කටයුතු සිදු කර ඇත්තේ නැගෙනහිර නුවර ගම් පළාතේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් බවද මුණසිංහ  මහතා පෙන්වා දෙයි. ඒ ඉඩම පවරා දී තිබෙන්නේ ඥානක්කාගේ නමට හෝ ඇයගේ පවුලේ කෙනෙකුට බව ස්ථිරවම කිව හැකි බව මුණසිංහ මහතා පෙන්වා දෙයි.

“මෙලෙස එම ඉඩමට නිකුත් කළ ජයභූමි බලපත්‍රය නිත්‍යානුකූල ඔප්පුවක් බවට දැන් පත් කරගෙන ඉවරයි. “ නමුත් එම ඉඩම පමණක් නොව ඥානා මේ වෙන විට අනුරාධපුර නුවර වැවද අල්ලාගෙන ඇතැයි මුණසිංහ මහතා පෙන්වා දෙයි.

“හෝටලයේ පිහිනුම් තටාකය දැන් තියෙන්නේ නුවර වැවේ. ඉඩම තිබ්බේ වැව් රක්ෂිතයේ. දැන් වැවත් අල්ලාගෙන. වැව  ගොඩ කරලා අඩි හතරක් පමණ පුරවලාලු.  වැව ඇතුළේ තමයි පිහිනුම් තටාකය හදලා තියෙන්නේ. එහි අපද්‍රව්‍ය යන්නෙත් වැවට.  මම මේ කියන කාරණා සියල්ල මිනුම්දෝරු  දෙපාර්තමේන්තුවේ 2021 මැනුම්වල පැහැදිලිව පෙනෙනවා.  ඥානාගේ හෝටලයේ ඉදිකිරීම් වැවේ ජල මට්ටමේ  88.5 කොටසේ පිහිටා ඇති බව අපි ඔප්පු කරා තිබෙනවා. මිනුම්පතිගේ සාක්ෂිය අධිකරණය පවා අනන්‍යව පිළිගන්නවා. ඒ සෑම පිඹුරුපතක්ම අපි සකසා සාක්ෂි සහිතව පෙන්නා දී  තිබෙනවා. වගකිවයුතු අය මේ ගැන ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත්නම් අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා.“  යැයි මුණසිංහ මහතාද කියා සිටියි.

hotel
වැව් රක්ෂිතයේ ඇති හෝටලයේ ඉදිකිරීම්…
  • ඥානක්කාගේ සහ පුතාගේ දුරකථනවලින් පිළිතුරක් නෑ

අප මේ සියලු කාරණා ගැන දැන ගැනීමට ඥානක්කා     සහ ඇයගේ පුතා සම්බන්ධ කරගැනීම කිහිපවරක්ම  උත්සාහ කළෙමු.  ඒ සඳහා   කිසිදු ප්‍රතිචාරයක් ඔවුන් දැක්වූයේ නැත.

  • හෝටලයක් හැදීමට නිලධාරීන් යොදාගත් බව මගේ කාර්‍යාලයට වාර්තා වී නෑ.- යුද හමුදා මධ්‍ය ප්‍රකාශක

හමුදාව යොදා ගනිමින් ඥානක්කාගේ හෝටලය ඉදිකළ බව අනුරාධපුර ජනතාව කියන කතා සම්බන්ධයෙන් රාජකාරිමය වශයෙන් වගකිවයුතු  නිලධාරීන්ගෙන් අපි විමසා සිටියෙමු. ඒ අනුව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතාගෙන් විමසා සිටියෙමු.

“මගේ කාර්‍යාලයට දැනුම් දී ඇති තොරතුරු අනුව හෝටලයක් හැදීම සදහා හමුදාව යොදාගත් බව තොරතුරක් වාර්තා වෙලා නැති“  බව බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා  පවසයි. ඉන්පසු අප විමසා සිටියේ පෞද්ගලික ඉදිකිරීමක් සදහා හමුදාව යෙදවිය හැකිදැයි  කියාය. එවිට බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසුවේ    මේ ගැන තොරතුරු සොයා බලා කියන්නම් කියාය.

නැගෙනහිර නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතාගෙන්  පසුගිය සතියේදි ඥානක්කාට   ලබා දී ඇති බලපත්‍රය හෝ ඔප්පුව ගැන තොරතුරු අපිට ලබා දෙන ලෙස   ඉල්ලීමක් කළෙමු. එහිදි  ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියේ  ලිබිතව ඒ ගැන ඉල්ලන ලෙසය. තමන් සතුව එහි පිටපත් නැති බවත් අදාල පාර්ශවයෙන් ඉල්ලා එහි පිටපතක් ලබා දීමට හැකි බවය.ඒ අනුව අප මේ සියලු කාරණා ගැන නැනුප ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ලිබිතව දැනටමත් ඉල්ලා ඇත.

මේ ගැන අදහස් දක්වන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයජයසුන්දර ද කියා සිටියේ අදාල ඉඩමේ බලපත්‍රය හෝ ජයභුමි ඔප්පු පිටපතක් ලබා ගත හැක්කේ නැනුප ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් බවය. එනිසාතොරතුරු දැන ගැනිමේ පනත හරහා එම තොරතුරු ඉල්ලන ලෙස ද එතුමා  කියා සිටියේය.

  • ලියුම්කරුගේ පුද්ගලික දුරකථනයට බාහිර පිරිසක් හොරෙන් සවන් දෙති

පසුගිය සතියේ ඥානක්කා ගැන පළ වු ලිපිය පළ වීමෙන් පසු මෙම ලියුම්කරුගේ පුද්ගලික දුරකථනය බාහිර පාර්ශවයකගේ අවධානයට ලක් වී ඇති බව පෙනී යයි.  මෙම ලිපි පෙළ හුදෙක් මාධ්‍යවේදියෙකුගේ සමාජ වගකීම උදෙසා මහජන යහපත වෙනුවෙන් කරන පල කිරීමක් විනි පුද්ගලික ද්වේශයෙන් හෝ අපහාසයක් කිරීමෙ උදෙසා නොවන බව අවධාරණය කරමි.

 2022. 03. 20 ඉරිදා ලංකාදීප පුවත්පතින් උපුටාගෙන පල කරමු….

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද මධ්‍යම රාත්‍රියේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වැසේ!

Next Post

ආණ්ඩුවේ මැති ඇමතිවරු සහිත 22ක් ස්වාධීනවන ලකුණු!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.