පෝලිම්වල සිට ඉන්ධන ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් මේ වන විට පැනනැගී නොමැති බවත් අවශ්‍ය ඉන්ධන පිරවුම්හල්වෙත බෙදා හැරීම ආරම්භ කර ඇති බවත් ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සදහන් කරයි..
රටට අවශ්‍ය ඉන්ධන තොග මේ වන විටත් ලැබෙමින් පවතින බව ඔහු පවසයි. මේ මස 21 සහ 22 යන දෙදින තුළ ලැබීමට නියමිතව තිබූ ඩීසල් තොග එම දිනයන්ට කලින් ලැබුණ බැවින් බෙදා හැරීම සිදු කර ඇති බව සභාපතිවරයා පැවසුවේය.
ඉන්ධන බෙදා හැරීම ඉරිදා, සෙනසුරාදා සහ පෝය දිනයන් හිද සිදුකරන බැවින් මේ වන විට ඉන්ධනවල හිගයක් රට තුළ නිර්මාණය විය නොහැකි යැයි හෙතෙම අවධාරණය කළේය.