ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්රී කණ්ඩායම මීලඟ පාර්ලිමේන්තු සැසිවාරයේ සිට විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගැනීමට සූදානම් වේ.
මේ බව හෙට (18) කතානායකවරයාට දැනුම් දෙන බව එම කණ්ඩායමේ ප්රකාශකයෙක් ලංකාසරට පැවසීය.
ආණ්ඩුව නියෝජනය කළ මෙම මන්ත්රී කණ්ඩායම ස්වාධීන කණ්ඩායමක් ලෙස අසුන් ගැනීමට මුලදී තරණය කළද ජනාධිපතිවරයාගෙ සහ ආණ්ඩුවේ වැරදි ක්රියාමාර්ග හේතුවෙන් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කළ බව පැවසීය.
මේ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ ගන්නා ඉදිරි තීන්දු තීරණ සම්බන්ධව එකඟතාවයකින් කටයුතු කර පුලුල් වැඩපිළිවෙළක් දියත් කරන බව ද එම ප්රකාශකයා ලංකාසරට කීවේය.







