බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවට ඇනිලා… නාමල්ට මඩ ගහන්නේ ඒකයි… නාමල් වෙනුවට ඩී.වී.චානක උත්තර නලින්දට උත්තර දෙයි…

by editor
නොවැම්බර් 19, 2025
in පුවත්
-dvchanaka
Share on FacebookShare on Twitter

ආණ්ඩුව ඇනගෙන ඇති බවට රටේ ජනතාව තේරුම් ගන්නා කාරණා දෙක්ක ඇති බවත් , අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ පැයක් දෙකක් කතා කරන්නේ නම් හෝ නාමල් රාජපක්ෂට මඩ ගසන්නේ නම් ඉන් තේරෙන්නේ ආණ්ඩුව ඇනගෙන ඇති බව යැයි ජනතාව දන්නා බවත් පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක අද ( 19) පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු මේ බව කීවේ අද තමන්ගේ නීති උපාධිය හොර උපාධියක් යැයි මේ වනවිට සමාජගත වී ඇති කතාවට පිළිතුරු දෙන ලෙස ඇමති නලින්ද ජයතිස්ස නාමල් රාජපක්ෂ වෙත කළ අභියෝගයට පොදු ජන පෙරමුණ පාර්ශවයෙන් පිළිතුරු දෙමිනි.

මේ රජය තුනෙන් දෙකක බලය ගත් මුල්ම අවස්ථාවේ මෙම නීති උපාධිය සම්බන්ධව කොටුව අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බව කී මන්ත්‍රීවරයා එය සම්බන්ධව කිසිම ඉදිරි පියවරක් සිදු නොවෙද්දී වෙබ් අඩවියක පළ කළ පුවත් මුල් කරගෙන ඇමතිවරයා මඩ ගහන බව ඩී.වී.චානක පැවසුවේය.

ඔහු කීවේ මෙම උපාධිය සම්බන්ධව සැකයක් ඇති නම් මේ වනවිට ලන්ඩන් නුවර ඉන්නා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් උසාවි නියෝගයක් සමග සිටි විශ්වවිද්‍යාලයට යවා තොරතුරු තහවුරු කර ගත හැකි බවය.

මන්ත්‍රීවරයා ඒ සම්බන්ධව මෙසේ පැවසුවේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

“යම් කිසි මඩක් නාමල් රාජපක්ෂ මැතිතුමාට එල්ල කළා. මඩට කලින් නලින්ද ජයතිස්ස මැති තුමා කිව්වා කෑමෙන් පස්සේ හරි ඇවිත් උත්තර දෙන්න කියලා මං දැක්කා කියනවා. අපි කැමති වුනත් නැති වුනත් වෙලාව බෙදිලා යනකොට පොහොට්ටුවට කතා කරන්න වෙන්නෙ කෑමෙන් පසු තමයි. ඒ නිසා ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා ලෙස ඔබතුමා ඒක දැනගන්න ඕන.”

“දෙවැනි කාරණාව තමයි නලින්ද ජයතිස්ස මැතිතුමා… හැමදාම ආණ්ඩුව ඇනගන්නවා කියන ප්‍රධාන කාරණා දෙකක් තියනවා. ඒ දෙකනේ රටේ ජනතාව දන්නවා හොඳටම ආණ්ඩුව ඇනගන්නවා කියන එක.”

“පළවෙනි එක තමයි අනුර කුමාර දිසානායක මහත්තයා පාර්ලිමේන්තුවට දුවන් ඇවිත් පැයක් දෙකක් කතා කරනවා කියන්නේ අනිවාර්යයෙන් ආණ්ඩුව ඇනගෙන. එහෙම නැතිනම් අලුත් මඩක් හදලා නාමල් රාජපක්ෂ මැතිතුමාට ගහනවා කියන්නේ ආයි ආණ්ඩුව හොඳටම ඇණගෙන.”

“දැන් 21 රැස්වීම දැකලා ගැරඬින්ට බූමිතෙල් ගැහුවා වගේ තමයි ඉන්නේ. දැන් ඔබතුමන්ලා ඔය කතාව කියනවා. මේ ආණ්ඩුව ඇවිල්ලා තුනෙන් දෙක ආපු ගමන්ම ඔබතුමන්ලා ඔය කතාව කිව්වා. ඔය ලෝ ඩිග්‍රි එක ගැන කතා කළානේ… ඒ වෙලාවේ ඔබතුමන්ලා නිකම් හිටියෙ නෑනේ. උසාවියට ගිහින් මැජෙස්ට්‍රේට් කෝට් නම්බර් 01 එකේ දාලා තියනවා P42852/01/25 යටතේ නඩුවක් දාලා තියනවා නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ඒ උපාධිය පිළිබඳව. ඒ වගේම නීති උපාධිය පිළිබඳව.”

“අනේ හරි සරල කාරණාවක් නලින්ද ජයතිස්ස මැති තුමා කියන්නේ. අර හොර වෙබ් සයිට් හදාගෙන ඒවට නඩු දාන්න පුලුවන් විදිහට ඒවයින් මඩ ගහනවා වෙනුවට නලින්ද ජයතිස්ස මැති තුමා හෙට යන්න සීඅයිඩී එකට… දෙන්න මේ කරුණු ටික. එතකොට උසාවියට වාර්තා කරන්න පුලුවන්.”

“ආපු ගමන් මාධ්‍ය සංදර්ශන දාලා මැජෙස්ට්‍රේට් 01 එකට ගියා විතරයි. අද වෙනකම් නාමල් රාජපක්ෂ මැති තුමාගේ කට උත්තර ගත්තා විතරයි… අද වෙනකම් අධිකරණයට කරුණු වාර්තා කරලා නෑ. හැබැයි වැටෙන වැටෙන සැරේට පාර්ලිමේන්තුවට ඇවිත් මඩ ගහනවා.”

“දැන් අර ලන්ඩන් ගියා නේද පස් දෙනෙක්. පස් දෙනෙක් ඉන්නවා ලන්ඩන්. යන්න සිටි යුනිවර්සිටි එකට. ගිහින් ගන්න තොරතුරු ගන්න… උසාවි නියෝගයක් යැව්වා නම් එහෙට ඔය සෙටිෆිකට් එකත් ගන්න පුලුවන්. ඒක සරලවම කරන්න පුලුවන් කාරණයක්. ෆේල් වෙනකොට මඩ ගහන එක නම් එච්චර හොඳ නෑ. ”

මන්ත්‍රීවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උපාධිය ගැන පලවන බොරු කතාවලට 21 නුගේගොඩ රැළියෙදී උත්තර ලැබේවී…. නාමල් රාජපක්ෂ කියයි…

Next Post

කුඩු ජාවාරම්කාර මාධ්‍ය හිමිකරුවන් ගැන කී කතාවට සජිත් ජනපතිට අභියෝග කරයි….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.