කොවිඩ් වෛරසය පවතින කාලය අතරතුර සාමාන්‍ය දෛනික රාජකාරි හා සේවා ලබාගැනීම සඳහා කලින් දිනයක් වෙන් කරගත යුතු බවත් එසේ දින වෙන් කර නොගෙන පැමිණෙන කිසිවෙකුට ආයතන පරිශ්‍ර තුළට ඇතුළු වන්නට ඉඩ නොදෙන බවත් ආගමන විගමන පාලක ජනරාල්වරයා දන්වා සිටී.
2020.10.19 දින සිට දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මෙන්ම මාතර, වව්නියාව, මහනුවර, කරුණෑගල ප්‍රාදේශීය කාර්යාල සියලු සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සීමිත සේවා ලාභීන් පිරිසකට සේවාවන් ලබා දීම සිදු කෙරෙන බව එම නිවේදනයේ දන්වා සිටී.
කලින් දින වෙන් කරගැනීම සඳහා ඇමතිය යුතු දුරකථන අංක හා වෙබ් අඩවි ඇතුළත් සම්පූර්ණ නිවේදනය මෙසේය.









