ශ්‍රියානි විජේසිංහ –
පෑලිගොඩ මාළු වෙළද සංකීර්ණයට මාලු මිලදී ගැනීමට ගොස් ඇති පුද්ගලයින් වහාම අදාල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා දැනුවත් කරන්නැයි මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ගේ සංගමය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
මෙසේ මාලු මිලදී ගැනීමට ගොස් ඇති පුද්ගලයින් යම් රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නම් වහාම පීසීආර් පරික්ෂාවකට ලක් වන්නැයිද ඒ සදහා අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හෝ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා දැනුවත් කරන්නැයිද සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ඉල්ලා සිටියි.