ශ්‍රියානි විජේසිංහ –
පෑලියගොඩ මාලු වෙළද සංකීර්ණයේ කොවිඩ් ආසාදිතයන් 49 දෙනෙකු හමු වීම හේතුවෙන් සහ නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කර්මාන්තශාලාවන් සැලකිය යුතු සංඛ්‍යාවකගේ සේවක සේවිකාවන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බැවින් සංචරණය සීමා කිරීමේ අදහසින් ගම්පහ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පැනවූ බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
අපකල විමසුමකට පිලිතුරු දෙමින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය කීවේ කළේ මාලු වෙළද සංකීර්ණයේ හමුවූ ආසාදිතයින් වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් බවය.
එමෙන්ම මාළු මිලදී ගැනීමට පැමිණි වැඩිම පිරිස ගම්පහ අවට ප්‍රදේශයේ පුද්ගලයින් නිසාත් මෙසේ ඇදිරිනීතිය පැනවීමට හේතු වූ බව ඔහු වැඩිදරටත් සඳහන් කළේය.