අද උදේ පාර්ලිමේන්තුව තුළ කර්මාන්ත ඇමති විමල් වීරවංශ හා පොදුජන පෙරමුණු මන්ත්‍රී ජයන්ත කැටගොඩ අතර ඇතිවන්නට ගිය ගුටි කෙළියක් අනෙක් මන්ත්‍රීවරුන් මැදිහත් වී අසීරුවෙන් නවත්වාගෙන තිබේ.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ඇතිවූ ප්‍රශ්නයක් නිසා සිදුවන්නට ගිය ගැටුම පිළිබද කතාව වාර්තාවන ආකාරයට මෙසේය.
කර්මාන්ත ඇමති විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම සිටින්නේ ද්විත්ව පුරවැසි භාවයට සම්බන්ධ වගන්තිය 20 වැනි ව්‍යස්ථා සංශෝධනයෙන් ඉවත් නොකරන්නේ නම් ඊට පක්ෂව ඡන්ද නොදෙන ස්ථාවරයේය.
එහෙත් අද (21) උදෑසන ජා.නි.පෙ මන්ත්‍රී කණ්ඩායම හමු වූ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා පවසා තිබුණේ මේ කේවල් කිරීම් නොසලකා 20ට ඡන්දය ලබාදෙනවා නම් තමන් මැදිහත් වී විශාල වරදාන හා වරප්‍රසාද ප්‍රමාණයක් ඔවුන්ට ලබා දෙන්නට සහතිකවන බවය.
මේ බව විමල් වීරවංශ ඇමතිවරයාට දැනගන්නට ලැබී තිබුණේ ඊට ටික වෙලාවකට පසුය. ඔහු වහාම අගමැතිවරයා හමුවීමට ඔහුගේ කාර්යාලයට යනවිට ජයන්ත කැටගොඩ ඇතුළු මන්ත්‍රී පිරිසක් අගමැතිවරයාගේ කාර්යාලයේ සිට ඇත.
ජයන්ත කැටගොඩ තමන්ට හොරෙන් තම පක්ෂයේ මන්ත්‍රීවරුන් බිලී බා ගන්නට කරන මෙම උත්සාහය ගැන විමල් අගමැතිවරයා ඉදිරියේදීම විමසා තිබේ. ඔහු ප්‍රශ්න කර ඇත්තේ මේ අණ්ඩුව පත් කිරීමට විශාල වැඩ කොටසක් ඉටු කළ තමන්ට මේ වැනි දෙයක් කරන්නට ජයන්ත කැටගොඩ කවුදැයි කියාය.
මෙහිදී අගමැතිවරයා ජයන්ත කැටගොඩට කියා ඇත්තේ මෙවැනි කැම්පේන් කරන්නට පෙර තමන්ව දැනුවත් විය යුතු බවය. මෙවැනි වැඩ වලින් සිදුවන්නේ ආණ්ඩුවේ සාමුහිකත්වය නැති වීමයැයි කී ඇගමැතිවරයා අසුනින් නැගිට ගොස් ඇත.
මේ අවස්ථාවේ දී විමල් වීරවංශ හා ජයන්ත කැගොඩ අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වී ඇත. එහි කෙළවර ජයන්ත කැටගොඩ විමල් වීරවංශ වෙත පහර දීමට පැණ තිබේ.
ඒ අවස්ථාවේ දී අවට සිටි අනික් මන්ත්‍රීවරුන් එක්ව ගුටි හුවමාරුව අසීරුවෙන් නවත්වා ගෙන තිබේ.