අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කර ඇති මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සජිත් ප්‍රේමදාස මහතා අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී අවසර ඉල්ලා තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව මේ වන විටත් නිරෝධායනය කර සිටින රිෂාඩ් බදුයුදීන් මන්ත්‍රීවරයා හෙට පාර්ලිමේන්තුවට රැගෙන ආ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
මෙහි දී සෙසු පක්ෂ නායකයින් කියා ඇත්තේ නිරෝධායනයට ලක්කර සිටිය දී ඔහුව පාර්ලිමේන්තු කැඳවීමට නොහැකි බවත් ඔබ රිෂාඩ් බදුර්දීන් පාර්ලිමේන්තුව ගෙන එන ලෙස බල කරන්නේ ඇයි දැයි යන්න පිළිබඳව කරුණු පැහැදිලි කරන ලෙසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ හෙට පැවැත්වෙන විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඡන්ද විමසීමේදී එම ඡන්දය භාවිතා කිරීම සඳහා රිෂාඩ්බදියුදීන් කැඳවිය යුතු බවයි. නමුත් මෙහිදී පක්ෂ නායකයින් ප්‍රකාශ කර ඇත්තේ නිරෝධායනය වන කිසිම අයකු පාර්ලිමේන්තුවට කැඳවිය නොහැකි බවයි.
මෙහිදී එක් ආණ්ඩු පක්ෂයට සම්බන්ධ පක්ෂ නායකයකු පැවසූයේ “ඔබතුමන්ලා පාර්ලිමේන්තුව කැඳවන්න එපා කියලා පෙරේදා කිව්වා කොරෝනා හින්දා, හැබැයි දැන් කියනවා නිරෝධායනය වන මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවට ගේන්න කියලා”
වෛද්‍යවරයකු පවා රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාට නිරෝධායනය වන ලෙස නිර්දේශ කර ඇති මොහොතක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කිසිවකු පාර්ලිමේන්තුවට කැඳවිය නොහැකි බව පක්ෂ නායකයින් සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇත.