බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විස්සේ ද්විත්ව පුරවැසි කොටස ගැන සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ විරෝධය

by Lanka Sara Editor
ඔක්තෝබර් 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

විදේශයක පුරවැසිභාවය හිමි පුද්ගලයන්ට මෙරට පාලනයට එක්වීමට හැකි පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය දරන උත්සාහය පිලිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය සිය විරෝධය පළකරයි.

එහි සභාපති, හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක් මගින් මේ බව සඳහන් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

2020.10.21

RelatedPosts

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජනමතයට නිගරු කරමින් ද්විත්ව පුරවැසියන්ට රටේ පාලනය භාරදීමේ උත්සාහය පරාජය කරමු

වෙනත් රටක පුරවැසිභාවය හිමි පුද්ගලයන්ටද ශ්‍රී ලංකාවේ පාලනයට එක්වීමට හැකිවන ආකාරයට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය දරණ උත්සාහය පිලිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය බලවත් විරෝධය පල කරන්නෙමු.

රටේ ඉදිරි ආරක්ෂාව හා යහපැවැත්ම පිළිබද අපේක්ෂාවන් ඇති කිසිවෙකුට හෝ එවැනි යෝජනාවකට කිසිසේත්ම එකඟවිය නොහැක. මෙය හැදින්විය හැක්කේ තෝරාගත් එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් රටේ උත්තරීතර නීතිය වෙනස් කිරීමට ගන්නා ලැජ්ජා සහගත උත්සාහයක් ලෙසටය. එය මිලියන 21 පමණ වූ මේ රටේ ජනතාවගේ ආත්ම අභිමානයට සිදු කරන බලවත් නිග්‍රහයක් මෙන්ම බුද්ධියට කරුණු ලබන අපහාසයක්ද වන්නේය.

අප මේ බව අවධාරණය කරන්නේ ද්විත්ව පුරවැසිභාවය පිළිබද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් වගන්තිය කිසිදු ලෙසකින් හෝ වෙනස් නොවන බවට අධිකරණ අමාත්‍යවරයා ප්‍රසිද්ධියේම සිදුකර ඇති ප්‍රකාශය සැලකිල්ට ගනිමිනි.

20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අනුවද ඒ පිළිබදව රජයේ ස්ථාවරය සේ සැලකිය හැකි අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය අනුවද වෙනත් රටක පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට එක්වීමට අවස්ථාවක් නිර්මාණය කිරීම වනාහි තම දේශය වෙනුවෙන් සිය ජීවිත පූජා කරන ලද දේශමාමක වීරෝදාර ලාංකීය විරුවන්ට කරන්නාවූ බරපතලම නිග්‍රහයකි. අතිගෞරවණීය වාරියපොල ශ්‍රී සුමංගල මාහිමිපාණන් වහන්සේ වැනි මේ රටේ දෑහිතකාමී මාහාසංඝරත්නයට සිදුකරන්නාවූ බලවත් අවමානයකි.

මේ රටේ සුජාත සැබෑ පුරවැසියන්ට පමණක් හිමිවිය යුතුවූ විශේෂ වූ වරප්‍රසාදයක් විදේශීය රටක පුරවැසිභාවය හිමි පුද්ගලයන් වෙත ලබාදීමේ ඇති අමනෝඥ තීරණයේ ඇති බිහිසුණු බව තේරුම් ගැනීම සදහා අප රටේ පුරවැසියෙක් වෙනත් රටක පුරවැසිභාවය ලබාගැනීම සදහා දෙනු ලබන දිවුරුමේ ඇති බරපතලකම අවබෝධ කරගත යුතුය. උදාහණයක් ලෙස ගන්නේ නම් එවැන්නෙක් ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබාගැනීමේදී දෙවියන් වහන්සේගේ නාමය පෙරදැරිව කරුණු ලබන දිවුරුම මෙසේය.

“මා මින් පෙර වැසියෙකු හෝ පුරවැසියෙකු ලෙස ජීවත් වූ කිසිදු විදේශීය කුමාරයෙකුට, රාජ්‍යත්වයකට, රාජ්‍යයකට හෝ ස්වාධිපත්‍යයකට මා දැක්වූ සියලු පක්ෂපාතීත්වය සහ අනුරාගය පූර්ණ ලෙස අත්හැරීමට සහ ප්‍රතික්ෂේප කිරීමටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සියලු දේශීය සහ විදේශීය සතුරන්ට එරෙහිව ඇමෙරිකාවේ ව්‍යවස්ථාව සහ නීතිය සුරැකීමටත් ඊට අනුකූලවීටත් නීතියෙන් අවශ්‍ය වු විට එක්සත් ජනපදය වෙනුවෙන් අවි දැරීමටත් ඇමෙරිකාවේ සන්නද්ධ හමුදාවන්ට සේවය ලබාදීමටත් ජාතික වශයෙන් වැදගත් කාර්යයන් හි යෙදීමටත් මා මෙසේ නිදහස්ව, කිසිදු මානුෂික සංරෝධනයකින් හෝ මග හැරීමේ චේතනාවකින් තොරව දිවුරා පොරොන්දු වන බැවින්, දෙවියනි මාහට උදව් කරනු මැනව”

එමගින් පැහැදිලිවම පෙනී යන්නේ ඇමෙරිකාවේ පුරවැසිභාවයද හිමි ද්විත්ව පුරවැසියෙකු යම් හෙයකින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට සම්බන්ධ වුවහොත් ඔහුට ඇමෙරිකාවේ අවශ්‍යතාවයන්ට අනුව ශ්‍රී ලංකාවට එරෙහිව අවි එසවීමට පවා සිදුවන බවය. එවැනි අවස්ථාවකදී එවැනි පුද්ගලයෙකුට එසේ ක්‍රියාකාරීවීමට හැකිවන ආකාරයට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවස්ථාවද ලබාදෙමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව කෙටුම්පත් කර ඇති බවද අවධාරණයෙන් සදහන් කළ යුතුය. ඒ අප රටේ බලාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වගන්තිය මගින් ඇතිකර ඇති විශේෂ බැදීමක්ද ඉවත් කිරීමට කටයුතු කිරීම මඟිනි. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවටද ආරක්ෂා කරන බවටද රටේ රාජ්‍ය නායකයා තවදුරටත් බැදී නොසිටින ආකාරයට 20 වන සංශෝධන කෙටුම්පතෙහි 5 (3) වගන්තියට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන වගන්තිය ඉවත් කිරීම මගිනි.

ඒ අනුව ආණ්ඩුවේ මෙම උත්සාහය අපගේ මාතෘභූමිය විදේශයන් වෙත පාවාදීම සඳහා ඉතා සැලසුම්ගතව හා සූක්ෂම ලෙස සිදුකරන පාපකාරී කුමන්ත්‍රණයක් ලෙසටද සැලකිය හැකිය.

අතිශයෙන් භයානක වු මෙම තත්වය පිළිබදව ජාතියේ මුර දේවතාවන් වන අතිගෞරවණීය මහා සංඝරත්නයේද අනෙකුත් පූජක ප්‍රසාදීන් වහන්සේලාගේද ජාතිමාමක සියලු පුරවැසියන්ගේද අවධානය යොමු වේවායි ප්‍රාර්ථනා කරමු.

එමෙන්ම 20 වන සංශෝධනය සම්මත කරගන්නේ නම් අවම වශයෙන් රටට අතිශයින්ම අහිතකර වගන්ති හෝ ඉවත් කරගනිමින් එම කාර්යය සිදුකරන ලෙස අප සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටින අතර මේ මොහොතේ අප ආණ්ඩුවෙන් ඉතා බලවත් ලෙස ඉල්ලා සිටින්නේ 20 වන සංශෝධනය ඉවත් කරගනිමින් ජනතාවට පොරොන්දු වූ පරිදි රටට ගැලපෙන හා රටේ ස්වාධීනත්වය ආරක්ෂා වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට අවශ්‍ය කටයතු සලසන ලෙසය.

කරු ජයසූරිය
සභාපති,
සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිරෝධායනය වෙන රිෂාඩ් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සජිත් අවසර ඉල්ලයි

Next Post

රිෂාද්ට පාර්ලිමේන්තුවට ආ හැක්කේ සෞඛ්‍ය නීති අනුව පමණයි

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.