දරුවෙකුගේ අධ්‍යාපන ජීවිතයේ සුවිශේෂම කඩඉමක් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (23) ආරම්භ වේ.
අද සිට (23) සිට ජුනි 01 වනදා දක්වා විභාගය පැවැත්වේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් සහ බාහිර අයදුම්කරුවන් 517,469 දෙනෙකු පෙනී සිටිමීට නියමිතව ඇත.
ඒ සඳහා විභාග මධ්‍යස්ථාන 3,844 ක් සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසයි.
විභාගය පැවැත්වෙන වකවානුව තුළ විදුලිය විසන්ධි කිරීමේ කාල රාමුව වෙනස් කර තිබේ.
එමෙන්ම ඉන්ධන නිකුත් කිරීමේදී විභාග කාර්ය මණ්ඩල සහ විභාග ප්‍රවේශ පත්‍රය සමඟ පැමිණෙන සිසුන්ගේ දෙමව්පියන්ට ප්‍රමුඛතාව ලබාදිය යුතු බව රජය නිවේදනය කරයි.