ජනාධිපති අගමැති සමග නව රජයේ කැබිනට් මණ්ඩලය 25 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව මේ වනවිට ජනාධිපති සහ අගමැති හැර නව ඇමතිවරු 13ක් දිවුරුම් දී ඇති අතර ඉතිරි කැබිනට් ඇමතිවරු 10 දෙනා අද දිනයේ දිවුරුම් දීමට සැලසුම් කර තිබේ.
මීට අමතර නව රජයේ අමාත්‍යංශ ලේකම්වරු ද අද පත්කිරීමට නියමිතව ඇත
අද දිවුරුම් දෙන කැබිනට් ඇමතිවරු අරත එස්.එම්. චන්ද්‍රසේන, ඊ.පී.ඩී.පී නායක ඩග්ලස් දේවානන්දා, මහින්ද අමරවීර, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන්, ඇතුළු පිරිසක් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දීම අද දිනයේ සිදුවනවා දැයි ඇමති ප්‍රසන්න රණතුංග කියා සිටියේ අද දිනයේ එම ඇමතිවරු දිවුරුම් නොදෙන බවත්, ඔවුන් ඉදිරි දිනයක දිවුරුම් දීමටට නියමිතව ඇති බවත්ය.







