ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන ලෙස පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවට වගන්තියක් ඇතුළත් කරමින් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ බැසිල් රාජපක්ෂගේ මන්ත්‍රී ධුරය ඉවත් කිරීමට බවත් එලෙස එය ඉවත් කළහොත් අනවශ්‍ය අර්බුදයක් නව ආණ්ඩුව තුළ නිර්මාණය විය හැකි බවත් එම මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාට කරුණු දක්වා ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙනවා නම් මෙම ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් පසු බලාත්මක වන පරිදි ක්‍රියාත්මක කරන ලෙස ද එම මන්ත්‍රී කණ්ඩායම ඉල්ලා ඇත.
කෙසේ හෝ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ මෙම විරෝධතාවය නොතකා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මෙම 21 වැනි සංශෝධන පණත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇත.
ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බවත් විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීමත් විගණන පනත ඇතුළු කොමිෂන් සභා බලගැන්වීමත් ඇතුළු සාධනීය ප්‍රජාතන්ත්‍රවාදී යෝජනා රැසක් මෙම කෙටුම්පතට ඇතුළත් බව නීති විශාරදයෝ පවසති.