කිසිම දේශපාලකයෙකුගෙන් රුපියලක් දෙයක් අරගෙන නැති බවත්, එසේ අරගෙන ඇති බව ඔප්පු කළහොත් නීතියේ ඕනෑම දඬුවමකට යටත්වන බවත් ඤාණා මෑණියන් මාධ්‍ය අමතා පැවසුවාය.
“මං සැලෙන්නෙ නම් නෑ පුතා… මුල් වරට මාධ්‍ය ඉදිරියට පැමිණි ඤාණා මෑණියෝ අන්තර්ජාල නාලිකාවකට එසේ කියා තිබුණාය.
තමන්ගේ පුච්චා දැමූ ගේ හදා දෙන්නට කතා කළේ දේශපාලන මිනිස්සු නොව තමන් ලඟට එන අහිංසක මිනිස්සු බවත් ඇය කීවාය. දෑතෙන් කරන වැඩ කරලා දෙන්නම් කියලා කිව්වා.. මට සැලෙන්න එපා කිව්වා. මම සැලෙන මනුස්සයෙක් නෙමෙයි. මම ගොඩාක් දුක් විඳලා මේ තැනට ආව නිසා සැලෙන්නෙ නම් නෑ පුතා. මගෙ දරුවො දෙන්නට උගන්නගෙන මේ තරම් දුර ආවෙ… කවුරු මොනවා කිව්වත් මගෙ හෘද සාක්ෂිය තමයි හොඳම සාක්ෂිය….
https://www.facebook.com/watch/?extid=CL-UNK-UNK-UNK-AN_GK0T-GK1C&v=1100315447184418