මහනුවර ඓතිහාසික අස්ගිරිය ආදාහන මළුව ගෙඩිගේ රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ පිහිටි අවුරුදු 700 ක් පමණ පැරණි බෝධීන් වහන්සේ ඊයේ (12) කඩා වැටී ඇත.
ගම්පොළ යුගයේ රාජ කළ තෙවන වික්‍රමබාහු රජු සිය මෑණියන් වූ චන්ද්‍රවති බිසව සිහිපත් කිරීම පිණිස 1364 දී ඉදිකර තිබෙන බව ඉතිහාසයේ සඳහන් ය.
චන්ද්‍රාවති බිසවගේ ආදාහන කටයුතුද මෙහිදී සිදු කිරීමෙන් පසු එතුමිය සිහිවීම පිණිස චන්ද්‍රවතී නමින් රෝපණය කළ බෝධීන් වහන්සේ මෙලෙස කඩා වැටී තිබේ.
කිසියම් රෝගයක් වැළඳීම හේතුවෙන් කලක පටන් උද්භිද විද්‍යාඥයින් බෝධීන් වහන්සේ ට ප්‍රතිකාර කළ බවත් විශාල පිරිසක් ගැවසෙන ස්ථානයක පිහිටි බෝධීන් වහන්සේ කඩා වැටීමෙන් කිසිවෙකුට හෝ හානියක් නොවීම හාස්කමක් බවත් අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරාධිපති, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ පැවසූහ.
ඡායාරූප-අස්ගිරි ගෙඩිගේ විහාරයේ චන්ද්‍රවතී බෝධිය කඩා වැටී තිබූ අයුරු








